කලින්ම ළමයෙක් හදපු එකත් ගොඩක් යට ප්‍රශ්නයක් වුනා පුංචි තීරයේ ආදරවන්තයා දසුන් පතිරණ

පුංචි තීරයේ ආදරවන්තයෙකු වු යොවුන් පරපුරේ බොහෝ දෙනාගේ සිත් දිනා ගත් යොවුන් රංගන ශිල්පියෙකු ලෙස දසුන් පතිරණ පෙන්වා දෙන්න පුළුවන්.
අදටත් කඩවසම් රංගන ශිල්පියෙකු වන මොහු මෙරට විකාශය වු ජනප්‍රිය ටෙලි නාට්‍ය රැසක රංගනය සිදු කරනු ලබනවා. එහිදි තණමල්විල කොල්ලෙක් , අඩෝ, ගිරිදේවී වැනි ටෙලි නාට්‍ය අතිශයින්ම ජනප්‍රිය වු ටෙලි කතා මාලවන් වේ.
එමෙන්ම මෙරට තිරගත වු අතිශයින්ම ජනප්‍රිය වු සිනමාපට රැසකට ඔහුගේ රංගන දායකත්වය ලබා දී තිබෙනවා. මෝටබයිසිකල්, හුස්ම වැනි චිත්‍රපට ඒ අතර වේ.

ඔහුගේ විශිෂ්ඨ රංගනය ඇගයීම උදෙසා 2014 වසරේදී හොඳම නළුවාට හිමි සම්මානය හිමිකර ගැනීමට ද යොවුන් රංගන ශිල්පි දසුන් පතිරණ සමත් වනවා.
අද වන විට අපේ රටේ සිටින දක්ෂ රංගන ශිල්පියෙකු වන මොහු සංගීත විඩියෝ සදහාද ඔහුගේ රංගනය ලබා දෙන අතර මේ හේතුව නිසාද ඔහු ප්‍රේක්ෂකයන් අතර තව තවත් ජනප්‍රිය වන්නට වුනා.දගකාර චරිතයක් වන මොහු මේ වන විට පියෙකු වී සිටි.

ඔහුගේ ආදරණීය බිරිද වන්නේ හංසි දිසානායකයි. ඉතින් රංගන කටයුතු වලට අමතරව තමන්ගේ ආදරණිය පවුල සමග කාලය ගත කරන යොවුන් සම්මානනීය රංගන ශිල්පි දසුන් පතිරණ ඉදිරියේදි ඔහුට ආදරය කරන රසික පිරිසට සිනමා පට කිහිපයකින් දැක ගැනීමේ අවස්ථාව උදා වන බවත් ඔහුගේ අපුරු රංගනයන් මෙහිදි ඔබට දැක ගැනීමේ හැකියාව තිබෙනවා.
රසික ඔබගේ සිත් අදටත් දිනාගෙන ඇති මේ දක්ෂ රංගන ශිල්පි දසුන් පතිරණගේ සහ ඔහුගේ ආදරණියට බිරිදගේ ඡායාරූප ටිකක් තමයි මේ අපි ගෙන ආවේ.









