ක්‍රීඩා පුවත්ගොසිප් පුවත්

වේදිකාවෙන් පුංචි තිරයට ආපු සුන්දර කටකාර, දගකාර යුවැත්ති නයෝමි තක්‍ෂිලා

අද වන විට ටෙලි නාට්‍ය රැසකට රංගන දායකත්වය ලබා දෙන ඇය නමින් නයෝමි තක්‍ෂිලා වේ. වේදිකා නාට්‍ය ඔස්සේ රංගනයට පිවිසෙන ඇය වේදිකා නාට්‍ය ගණනාවකට ඇයගේ රංගන සිදු කරන අතර ඇයට එම රංගනය නිසා සම්මානයෙන් පවා පිදුම් ලබනවා. එමෙන්ම ඇය 2013 වසරේ ටවර් හෝල් නාට්‍ය හා රංග කලා පාසලේ නාට්‍ය හා රංග කලා උපාධිය ලබා ගන්නවා.

අද වන විට පුංචි තීරයේ ඉන්න සුන්දර යොවුන් රංගන ශිල්පිනියක් වන නයෝමි තක්‍ෂිලාට ආදරය කරන ඇයගේ රංගනය ආස කරන රසික පිරිසක් පවා බිහි වී තිබෙනවා.  “නීල පබළු” ටෙලි නාට්‍යයේ  පූජාගේ චරිතය නිසාම ඇය වඩාත් ජනප්‍රිව චරිතයක් බවට පත් වී තිබෙනවා.

ඇය ඒ පිළිබද මතක් කර සිටියේ මේ ආකාරයටයි.

“නීල පබළු නාට්‍යයේ පූජාගේ චරිතය තුළිනුයි මාව ගොඩක්ම මිනිස්සු දැනගත්තේ. ඒ නිසා බොහොමයක් ප්‍රේක්ෂකයන් වැලඳගත්තේ මාව නපුරු චරිතයක් විදිහට. ”

මේ සුන්දර රංගන ශිල්පිනිය පෙම්වතියක් වි සිටින අතර ඇයගේ විවාහ පිළිබද  විමසන විට කියා සිටියේ තවමත් ඒ සදහා සුදානමක් නැති බවයි.

ඇය අදටත් සුන්දර සිනහාවක් හිමි සුන්දර යුවතියක් වන නිසා ඇය විවිධ නිරූපණ ක්ෂේත්‍රයේ ඡායාරූප වලටද පෙනි සිටිනවා. මේ කටකාර, දගකාර සුන්දර යුවැත්තියගේ ඡායාරුප කිහිපයක් තමයි මෙතනින් දැක ගැනීමට හැකි වන්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button