
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන සහ ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මේරට දේශපාලනය තුළ බොහෝ කතා බහට ලක් වන චරිතයක් වනවා.
එතුමා පිළිබද මේ දින ඇලුත්ම කතාබහක් ඇති වි තිබෙන අතර ඊට හේතව ලෙස පෙන්වා දිය හැක්කේ ඩලස් අලහප්පෙරුම මහතා තමන්ගේ උපන් ගම්මානය වූ රදම්පොල ප්‍රදේශයේ ගොස් එහිදි තමන්ගේ හිතවතුන් මුණ ගැසී ඔවුන් සමග කාලය ගත කිරිම නිසයි.
ඉතින් එතුමන් තමන්ගේ එම හිතවුන් සමග වනාන්තරයක ඇවිදින්නට ගොස් ඇති අතර එහිදි ලබා ගත් ඡායාරූප මේ දින සමාජ මාධ්‍ය තුළ දැක ගන්නට ලැබෙනවා.
හිතවතුන් සමග වනාන්තරයේ සිට ලබා ගත් ඡායාරූප සහ ඒ පිළිබද සටහනක් තම ෆෙස්බුක් ගිණුමේ සටහන් කරනන්ට ඩලස් අලහප්පෙරුම මහතා කටයුතු කර තිබුලේ මේ ආකාරයටයි.

‘මගේ ආදරණීය උපන් ගම්මානය රදම්පොල ගමේ පරිසරය සහ ගැමියන්ගේ සූන්දරත්වය දශක ගණනාවකට පසූ නැවත ඒ ආකාරයෙන් ම අත්වින්දෙමි.
පුන්ච් සන්දියේ අපි අම්මාට රහසිගව පිහිනන්නට පැමිනි එබකන්ද දොළ, මොහොට්ටි අයියා, නිහාල් ඇතුලු කිහිප දෙනකු සමග දොළේ සහ කන්දේ ගලින් ගලට පැනගොස් සේන පොඩි මල්ලි ගේ පැල්කොටය තුල ගත් ආහාර වේල,
නැවත මාව ඒ අසිරිමත් ඉතිහාසයට කැඳවාගෙන ගියා. නිර්ව්‍යාජ ගැමිකම කොතරම් උත්තමද..? සුන්දර ද..?’
අලහප්පෙරුම මහතාගේ ෆෙස්බුක් ගිණුමෙන් උපුටා ගන්නා ලද්දකි.








