
අපේ රටේ ප්‍රවිණ කලාකරුවන් දෙපළක් ලෙස දිල්හානි අශෝකමාලා සහ ප්‍රියංකර පෙරේරා හදුන්වන්න පුළුවන්. මොවුන් දෙපල අපේ රටේ රංගන ක්ෂේත්‍ර මෙන්ම ගායනා ක්ෂේත්‍ය පෝෂණය කරන ලද විශිෂ්ඨ ගණයේ දෙපළක් වනවා.
නමුත් මේ කතා කරන්නට යන්නේ මොවන් දෙපළගේ ආදරණිය පුතණුවන් වන දිල්මින් පෙරේරා ගැනයි. දෙමාපියන්ගේ උරුම වු කලාය ඔහුට ඒ අයුරින්ම පිහිටා තිබෙනවා.

තමන්ගේ පියා අනුව යමින් ඔහුද සංගීත ක්ෂේත්‍රට යොමු වී ඇති අතර පසුගිය දිනක ඔහුගේ කුලුඳුල් මියුසික් වීඩීයෝව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රේක්ෂකයට යොමු කරනු ලැබුවා.
වසර 2 කට පමණ පෙර ඔහු විසින් මෙම මියුසික් වීඩීයෝ සිදු කරනු ලැබුවද රටේ පවතින තත්වය නිසා ඔහුට එය ප්‍රේක්ෂකයා හමුවට ගෙන එමට නොහැකි තත්වය තිබු බවත් මතක් කර සිටියා.

ඔහු තමන්ගේ කුලුඳුල් මියුසික් වීඩීයෝව නම් කර ඇත්තේ “දුර ඇදුණා” ලෙසයි. මෙහි සංගීතය, තනුව, ගායනය මේ සියල්ල සිදු කරනු ලබන්නේ දිල්මින් පෙරේරා විසින්ම වේ.
මෙම විඩියෝවේ රංගනය සදහා දායක වන්නේද ඔහු සහ ඔහුගේ බිරිදයි. මේ නවතම ගීථය සදහා ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉතා ඉහළින් තිබු බවත් ඔහු මතක් කර සිටියා.
සංගීත වැඩ කටයුතු වලදී ඔහුටඑහුගේ හොදම යහළුවන් දෙපළක් වන යොවුන් ගායක දෙපළක් වන නදිමාල්, සනුකගේ ද සහය හිමි වේ. ඉදිරියේදි මොහුගේ ගීත එකතුවක්ම දැක ගැනිමට හැකි වන බවත් දිල්මින් මතක් කර සිටියා.









