විලාසිතාවලින් ප්‍රතිරූපයක් ගොඩනගා ගන්න මම උත්සාහ කරන්නෙ නැහැ

දක්ෂතාවයන් රැසකින් සපිරුණු මෙන්ම ආකර්ෂණීය සුරූපී රංගන ශිල්පිනියක තමයි ශලිනි තාරකා කියන්නේ. ඔබේ ආදරණීය කලාකාරිනිය මේ දවස්වල කාර්යබහුලව තමයි ජීවිතේ ගෙවන්නේ.
ඒ මේ දින වල විකාශනය වන ටෙලි නාට්‍යයන් කිහිපයකම ඈට ෂූටීන් තිබීම නිසා යි. ශලිනි කියන්නේ ෆැෂන් වලට හරිම ආස චරිතයක් වනවා.
ඉතින් ඇය කියන්නේ,
“ෆැෂන් කියන්නේ හරියට අපිව ලස්සනට තියන්න උදව් වෙන පැකේජ් එකක් වගේ”.
අපි කථා බහ කරන විදිය, අපේ අඳින විදිය, ඇවිදින විදිය, බාහිර පාර්ෂවයන් සමඟින් ගණුදෙණු කරන විදිය, කන බොන විදිය, කොණ්ඩා මෝස්තරය මේ වගේ හැම දෙයක්ම ෆැෂන් පැකේජ් එකට ඇතුලත් කියලයි මාගේ පෞද්ගලික අදහස නම්.
ඒ විතරක් නෙවෙයි, ගැලපෙන විදිහට ෆැෂන් කරාමත් අලුත් ඇඳුමක් ඇන්දාමත් අමුතුම ගැම්මක් ආත්ම විශ්වාසයක් එනවා” කියලා. පොදුවේ විලාසිතා කරද්දී ශරීරයේ මහත, පැහැය, වයස, උස වැනි දෑ පිළිබඳව විශේෂයෙන් සැලකිල්ලක් දක්වන්නට ඕනේ.
අපි ඉන්නේ කොතන ද අපි යන්නේ කොතන ද යනා දි වශයෙන් විලාසිතාවන් ගැලපෙන ලෙසින් කරන්නට ඕනේ. එහෙම නැතුව මේ කවුරුත් කරපු පලියට විලාසිතා කරලා නම් හරියන්නේ නෑ.
ඒක නිකන් විහිලුවක් වගේ එහෙම වුණෝතින්. නිලියක ඇඳන් හිටපු පලියට, ඩමියක දාලා තිබ්බ පලියට, මැගසින් එක්ක තිබ්බ පලියට නිකරුණේ මුදල් වියදම් කරලා විලාසිතා කළොත් ඒක නම් කිසිම තේරුමක් නැති දෙයක් තමයි.
“කාලෙත් එක්ක එන විලාසිතා විවිධ වෙනවානේ. වයසත් එක්කන් අපි විලාසිතා කරන විදිය එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස් වෙනවා.
ඒ කාලේ පුංචි ළඳැරියක් විදියට කොන්ඩ දෙකක් බැඳලා එහෙම එක එක ඇඳුම් අඳින්න ආසයි. නව යොවුන් විය එළබීමත් එක්කම අපේ ඇගේ හැඩය, සමේ පාට ඉස්මතු වෙලා පෙන්නන විදියේ ඇඳුම් අඳින්න අපි නැඹුරු වෙනවා.
නිකමට හිතන්න වයස අවුරු 30ක් 40ක් වගේ වෙද්දී අපි විලාසිතාවන් වලට යොමු වෙද්දී ඒ ගැන තව තවත් හිතනවා. සමහර වෙලාවට ඒ වයසේ දී විවාහ වෙලා නම් මවක් බිරිඳක් විදියට කරන විලාසිතාවන් වෙනස් වෙනවා.
ඉතින් ඒ වගේ එක එක දෑ මත කරන විලාසිතාවන් වෙනස් වෙනවා කියලයි මගේ හැඟිම” අන්න එහෙමයි ඔබේ ආදරණීය කලාකාරිනිය ශලිනි කියන්නේ.
පෞද්ගලික ජීවිතේ දී ශලිනි ඇයට ගැලපෙන විදියට සරලව යි ඇඳුම් අඳින්නට යොමු වී සිටින්නේ. ඒ වුණත් ඉතින් රඟපාද්දි නම් ශලිනි ඒ ඒ චරිතෙට ගැලපෙන විදියට ඇඳුම් අඳින අතර,
ඒ හැරෙන්න ඇය විලාසිතා වලින් ප්‍රතිරූපයක් ගොඩ නඟාගන්නට කොයිම වේලාවකවත් උත්සාහ කරන්නේ නැති චරිතයක ද වනවා.








