අහුලගත්ත ගොසිප්ගොසිප් පුවත්

ශනුද්‍රිගේ පෙම්වතා පළමු වරට එළියට ආ හැටි මෙන්න

හැමෝම ආදරය කරන ප්‍රියසාද් පවුලේ පුංචිම සාමාජිකාව තමයි ශනුද්‍රි ප්‍රියසාද් කියලා කියන්නේ. මේ දිනවල විකාශය වන “දිවිතුරා” ටෙලි නිර්මාණයෙහි “ඊශා” නම් චරිතය හරහා ඔබ හමුවට එන ඇය රංගනයට මෙන්ම නිවේදනයට හා නර්තනයට ද එක හා සමානව දස්කම් දක්වන බව නොරහසක්.

ඉතා කුඩා අවධියේ සිට රංගනය හා එක්ව මේ වන විට ජනප්‍රියත්වයේ හිණිපෙත්තේ රැඳෙමින් ටෙලි නිර්මාණය හරහා මෙන්ම වෙළඳ දැන්වීම් ,ගීත රූප රචනා හරහාද නිතර දක්නට ලැබෙන ඇය සමාජ මාධ්‍යයන් තුළ ද නිතර දක්නට ලැබෙන ,කතාබහට ලක්වන, ක්‍රියාකාරී සාමාජිකාවක් කිව්වොත් නිවැරදියි.

සමාජ මාධ්‍යන් තුල නිතර නිතර ඡායාරූප, වීඩියෝ පට එක්කරමින් ප්‍රේක්ෂකයින් සමඟ නිරන්තර සබඳතාව පවත්වාගෙන යන මේ සුරූපි රංගන ශිල්පිනිය පිළිබඳව මේ දිනවල වැඩි වශයෙන් කතාබහට ලක්ව තිබෙන්නේ ඇගේ instagram පිටුවට ඇය විසින් එක් කර තිබූ ඡායාරූපයක් නිසයි.

ඇයගේ වැඩිමල් සොයුරියන් දෙදෙනා ම මේ වන විට සුන්දර විවාහ දිවියක් ගත කළත් තවම තනිකඩ දිවියක් ගත කරන මේ යොවුන් රංගන ශිල්පිනිය පසුගිය දිනක සමාජ මාධ්‍යයට එක් කර තිබුණේ ඇයගේ අත අල්ලන් සිටින පිරිමි අතක ඡායාරූපයකුයි.

කිසිවකුගේත් මුහුණ ප්‍රදර්ශනය නොවුණු එම ඡායා රූපයෙන් පිළිබිඹු වන්නේ මේ වන විට ඇය පෙම්වතියක බවයි. නමුත් ඔහු කවුද යන්න කිසිවෙකු තවමත් දන්නේ නැහැ.

ශනුද්‍රි නම් කියා සිටියේ ඇයගේ කමෙන්ට් තුළ ඔහු සිටින බවයි. කෙසේ නමුත් බොහෝ තරුණයන්ගේ සිහින බොඳ කරමින් මේ වන විට පෙම්වතියක් වී සිටින සුරූපි ,යොවුන් රංගන ශිල්පිනියට අපි සුභ පැතුම් එක් කර සිටිනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button