අහුලගත්ත ගොසිප්උණුසුම් පුවත්

මට නිදහසක් තියෙන්න ඕනේ. නිතී දාලා මාව කොටු කිරිම මං කොහෙත්ම අනුමත කරන්නේ නෑ.

වර්තමානයේ පුංචි තිරයේ දකින්නට ලැබෙන සුන්දර රංගන ශිල්පිනියන් අතර කාගෙත් කතාබහට ලක්වූ සුන්දර යුවතියක් වශයෙන් කස්තුරි ජයවර්ධන හඳුන්වන්නට පුළුවන්.

නවක නිරූපණ ශිල්පිනියක් වශයෙන් ද නිරූපණ ක්ෂේත්රයට පිවිසි ඇය කලා ක්ෂේත්රයේ ක්ෂේත්රය තුළට පිවිසෙන්නේ 2019 දෙරණ අවුරුදු කුමරිය තරගාවලිය ඔස්සේය.

එම තරගාවලියේදී දෙවන ස්ථානය දිනා ගනු ලබන්නේ ඇය විසිනි. නීල පබළු, පෝර්ක් වීදිය, සැප්තැම්බරයේ දිග දවසක්, සක්කාරං, දාංගලේ වැනි ටෙලි නාට්යය ඔස්සේ ප්රේක්ෂකයා හමුවට පැමිණි ඇය ඉතාමත් කෙටි කාලයක් තුළදී ප්රේක්ෂක ආදරය විශාල වශයෙන් දිනා ගැනීමට සමත් වුණා.

විශ්වවිද්යාල ශිෂ්යාවක් වන ඇය රුහුණු විශ්ව විද්යාලයේ කලා පිහිටි දෙවැනි වසරේ ඉගෙනුම ලබන යුවතියක් වනවා. අපේ රටේ බොහෝ දෙනා ආදරය කරනු ලබන සුන්දර රූ සපුවකට හිමිකම් කියන රංගන ශිල්පිනියක් වන ශලනි තාරකා ගේ රුවට සමාන රුවක් ද ඇයට හිමි වීම නිසා බොහෝ ප්රේක්ෂකයන් ඇය ශලිනි තාරකා ගේ නිවුන් සහෝදරිය දැයි අසන බවත් ඇය කියා සිටියා.

නව යොවුන් වියේ පසුවන මේ සුන්දර රංගන ශිල්පිනිය ඇය බලාපොරොත්තු වන පෙම්වතා කෙසේද යන්න පිළිබඳ අදහස් දක්වමින් ඇය කියා සිටියේ “මගේ හිතට වැදුණොත් මට හරියයි, හොදයි, මට ගැළපෙනවා නම් කිසිම ප්රශ්නයක් නෑ.

අද කාලේ අය විවිධාකාරයි. හරිහැටි අදුරගන්න බෑ. ඒ තරමටම අද හරිම අමාරු යුගයක් නිර්මාණය වෙලා තියෙන්නේ. නමුත් ඒ ගැනත් තීරණයකට එන්න ඕනේ.

මම කැමති විදිහට මටම ආදරේ කරලා කෙනෙක්ව හොයා ගන්න ගෙදරින් නිදහස දීලයි තියෙන්නේ.මාව කොටු කරන්න හදන කෙනෙක්ව මං මගේ අනාගත සහකරු වශයෙන් තෝරා ගන්නේ නෑ.

මං කැමතියි මට හරියන විදිහට අවබෝධයෙන් නිවැරදි දේ කරන්න මට නිදහස දෙන්න පුළුවන් විදිහේ කෙනෙක්ට.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button