තරු ගොසිප්

යොහිනගේ මැණිකේ මගේ හිතේ වාර්තා පිට වාර්තා තියයි

මැණිකේ මගේ හිතේ cover වීඩියෝව කෙටි කාලයක් ඇතුළත වැඩියෙනම් කතාබහට ලක්වුණු නිර්මාණයක්. සතීෂාන් ගායනා කරන මැණිකේ මගේ හිතේ මුල් ගීතයට වඩා යොහානි සහ සතීෂාන් එක්ව කරපු cover වීඩියෝව ඉන්දියාවේ පවා තවමත් ජනප්‍රියයි. ඉන්දියානු තරුණ තරුණියෝ, ළමුන් පවා මේ ගීතය ගායනා කරන වීඩියෝ පවා සමාජ මාධ්‍යයේ සංසරණය වනවා. මැණිකේ මගේ හිතේ ගීතයේ පද රචනාව දුලාන් ARX විසින් සිදු කර තිබෙනවා. මෙහි සංගීත නිර්මාණය මෑත කාලයේදී ට්‍රෙන්ඩින් ආ ගීත රැසකම සංගීතය නිර්මාණය කළ චමත් සංගීත් විසින් සිදු කර තිබෙනවා. මැණිකේ මගේ හිතේ cover වීඩියෝව නිසාම යොහානිගේ නිල යූ ටියුබ් නාලිකාවේ සබ්ස්ක්‍රයිබ් සංඛ්‍යාවද මිලියන පසු කළා.

මැණිකේ මගේ හිතේ cover වීඩියෝව අන්තර්ජාලයට නිකුත් කර මාස දෙකක් පමණ ගතවෙද්දි එහි නැරඹුම් සංඛ්‍යාව මිලියන පණහේ සීමාව පසු කළා. මේ වනවිට එය මිලියන පනස් එකක් වී තිබෙනවා. යූ – ටියුබ්හි මිලියන පණහක නැරඹුම් සංඛ්‍යාවක් ලද මෙරට එකම ගීතය වන්නේද මැණිකේ මගේ හිතේ බවට අපට දැනගන්නට ලැබුණා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button