“මම වැව්වල නාලා නැහැ. දොළවල්වල නාලා නැහැ” දියරෙද්ද ඇඳගෙන කරන්න ලැබුනු චරිතය ගැන ශ්‍රීමාලි කියපු කතාව

ආසියානු විවාහක රූ රැජන කිරුළ වසර දහයකට පෙර මෙරටට ගෙන ඒමට සමත් වූ ඒ සුන්දරීය නමුත් ශ්‍රීමාලි ෆොන්සේකා වේ. මෙරට කලා ක්ෂේත්රය තුළ නමක් දිනා ගැනීමට සමත් වන ඇය,
සෑම කලා නිර්මාණයක් තුළින්ම මෙරට ප්‍රේක්ෂකයාට දැක ගැනීමට නොහැකි වන්නේ ඇය තමන්ට ගැලපෙන තමන්ට චරිත නිරූපණය කළ හැකි චරිත පමණක් තෝරා බේරා ගෙන කටයුතු කිරීම නිසාය.
රිදී තිරය තුල දකින්නට නොලැබෙන ඇය මෙරට නිරූපණ ක්ෂේත්රය තුළ , නර්තන වේදිකාවල මෙන්ම නිවේදිකාවක් වශයෙන් ද ජනප්‍රිය චරිතයක් වනවා.
තමන්ට ලැබෙන චරිතයට උපරිම සාධාරණයක් ඉටු කරමින් එම චරිතය ප්‍රේක්ෂකයාට දැනෙන ලෙසනිරූපණය කිරීමේ හැකියාවක් මේ සුන්දර රංගන ශිල්පීනිය සතු වේ.
ශ්‍රීමාලි ෆොන්සේකා පිළිබඳ කතා කිරීමේදී ඇය පසුගිය කාලය පුරාවට ඇමෙරිකාවේ පදිංචි වී සිටි අතර ලංකාවට පැමිණි මොහොතේ මෙරට තිබූ තත්වය හමුවේ ඇයට නැවත ඇමෙරිකාවට යාමට නොහැකි වූ නිසා එම කාලය තුල ඇය මෙරට ටෙලි නාට්‍යය කිහිපයකටම තම රංගන දායකත්වය ලබාදී තිබෙනවා.

ඒ අනුව මල් පිපෙන කාලේ, සකර්ම යන ටෙලි නාට්‍ය තුළ මේ දිනවල ඇයව ප්‍රෙක්ෂකයාට දැක්වීමට හැකිව වනවා. ඇයට මේ නිර්මාණය ඔස්සේ පළමු වතාවට දුක් විඳින ගමේ ජීවත්වන ගැහැනියකගේ චරිතයක් නිරූපණය කිරීම සඳහා අවස්ථාව උදාවිය හැකි අතර එය ඇයට ලැබුණු සුවිශේෂී අවස්ථාවක් ලෙස ඇය මතක් කර සිටියා.
එම චරිත නිරූපණය ඇයට විශාල අභියෝගයක් වූ බවත්ය. පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවකට අදහස් දක්වමින් එම රූගලත කිරීම් සිදු කරන කාලයේ ඇයට මුහුණ දීමට සිදු වු අපහසුතා මෙන්ම දුෂ්කර ගැමි පරිසරේ මිනිසුන්ගේ ජිවන රාටාව පිළිබදවක් ඇය තම අදහස් ප්‍රකාශ කරමින් කියා සිටියේ මෙවන් දෙයක් ය.
“මුලින්ම රඟපාන්න තිබුණේ දිය රෙද්දක් ඇඳලා නාලා එන දර්ශනයක්. මම දන්න විදිහට ඇවිදගෙන ආවා. එතකොට අධ්යක්ෂ කියනවා කැට්වෝක් දාල යන්න එපා කියලා.
මොකද මට පුරුදු පැෂන් ෂෝවල ඇවිදලානේ. කවදාවත්ම නැහැ. මම වැව්වල නාලා නැහැ. දොළවල්වල නාලා නැහැ. ඇත්තටම කට්ටිය මැද්දේ දියරෙද්ද ඇඳලා ඇවිදිනකොට පුදුම ලැජ්ජාවක් දැනුණේ.
ම් ඇතුළට යන්න යන්න දුෂ්කර වුණාට ලස්සනට ජීවත් වෙනවා. ලස්සන ගෑනු ළමයි ඉන්නවා. ඒ අය දොළට ඇවිත් නාලා ඇඳුම් ටික සෝදාගෙන යනකොට හිතෙනවා අපි මොනවද කරන්නේ කියලා.
මමත් මේ දවස්වල සකර්ම නිසා ඒ ජීවිතේ අත්විඳිනවා. ඇළේ දොළේ නාලා ගමේ කෑම කාලා සතුටින් ඉන්නවා.” වෙනස්ම විදිහයේ චරිතයකින් ඔබ හමුවට එන ශ්‍රීමාලි ෆොන්සේකාගේ ලස්සන ඡායාරූඵ කිහිපයක් තමයි මේ.









