
මේ කතා කරන්නට යන යුවතිය වෘත්තීය ශාරීරික යෝග්යතා පුහුණුකාරියක් වන අතර හැඩි දැඩි පිරිමියකු මෙන් ශරීරයෙන් යුක්තවය ඇය ඉතාමත් සුන්දර රූසපුවක් හිමි කාන්තාවක් ද වනවා.
ඇය නමින් මධූෂි අමරසිංහ වේ. ඔබ නොදත් ඇය ගැන විස්තර යයි මේ. කෑගල්ල ප්රදේශය උපත ලද ඇය පාසල් යන්නේ ඇයගේ මවගේ ගම වූ හලාවත ප්රදේශයේ ආනන්ද ජාතික පාසලට වන අතර පාසලේ සිටි දක්ෂ කැපී පෙනෙන ශිෂ්යාවක් වශයෙන් ඇය එකල කටයුතු කර තිබෙනවා.
පාසල් වයසේ සිටම ක්රීඩාවට දක්ෂතා දැක්වූ ඇය පැසිපන්දු මෙන්ම දැල්පන්දු ක්රීඩාව සිදුකරන ලද අතර උසස් පෙළ ඉතාමත් ඉහළින් සමත් වුවත් ඇයට විශ්ව විද්යාලය යාමට නොහැකි වුණා එසේ වූයේ ඇය අසනීප තත්ත්වයෙන් පසු වූ නිසයි.
පාසල් වයසේ සිටම නීතිඥවරියක් වීමේ බලාපොරොත්තු ඇති වූ කටයුතු කරන ලද ඇය එම නීතිඥවරියක් වීමේ සිහිනය නිසාම සබරගමු විශ්ව විද්යාලයේ සබරගමු විශ්වවිද්යාලයේ පාඨමාලාවක් හදාරනු ලබන අතර,
ඇයට තිබූ අසනීප තත්ත්වයෙන් නිසා එම නීතිඥ වරයෙකු වීමේ සිහිනය තබාගනිමින් පෞද්ගලික අංශයේ රැකියාවක් කරා යොමුවනවා.
2013 වර්ෂයේදී පෞද්ගලික අංශය කළමනාකරුවෙකු සමග විවාහ වන ඇයට තමන්ගේ ස්වාමියා විශාල ශක්තියක් වන අතර ඇය විවෘත විශ්ව විද්යාලයේ නීතිවේදී ඉගෙන ගැනීම ආරම්භ කරන අතර ,
නැවත ඇයට වූ අසනීප තත්ත්වය නිසා ඒ කටයුතුත් නිසියාකාරව සිදු කර ගැනීමට නොහැකි වුවත් තමන්ගේ අධිෂ්ඨානය ඇතිව ඉදිරියට කටයුතු කරන්නට ඇය කටයුතු කළා.
මෙම අසනීප තත්ත්වය නිසා ජීවිතේ බොහෝ දේවල් මගහැරුණු ඇයට සෑම මොහොතකම ශක්තියක් වුණේ තමන්ගේ ආදරණීය ස්වාමියා බව පුවත්පත් මාධ්ය සාකච්ඡාවක් හා එක්වෙමින් කියා තිබූ අතර,
විවේකීව සිටින සෑම අවස්ථාවකදීම ඇය කාය වර්ධන කායවර්ධන මධ්යස්ථානයකට යාමට කටයුතු කරනු ලැබුවා ඒ පිළිබඳ දැඩි ආශාවකින් යුතුව කාය වර්ධන කායවර්ධන ක්ෂේත්රයේ කටයුතු කිරීමට ඇය සූදානම් වූ අතර,
lanka institute of fitness and nutrition ඔස්සේ අධ්යාපන කටයුතු ආරම්භ කරන ලද අතර ඒ ඔස්සේ ඇය වෘත්තීයෙන් ශාරීරික යෝග්යතා පුහුණු කාර්යයක් වශයෙන් කටයුතු කරන්නට වුණා.

කයවර්දන මධ්යස්ථානයට යෑමෙන් පසු ඇයගේ අසනීප තත්ත්වය සම්පූර්ණයෙන් සුව අතට පත්වූ අතර අද වන විට බොහෝ පිරිසකට ශාරීරික යෝග්යතා පුහුණු වැඩසටහන් ගණනාවක් ඇය විසින් කරගෙන යනු ලබනවා.
පිරිමියෙකු සේ හැඩි දැඩි අඟපසඟ හිමි සුන්දර මධුෂිගේ ජීවිතේ වීරයා කව්ද විමසන විට ඇය කියා සිටියේ මම අනුකරණය කරන්නේ ආර්නොල්ඩ්, එයා තමයි මගේ වීරයා ලෙසයි.
අපේ රටේ කාන්තාවන් කායවර්ධන ක්ෂේත්රයට පිවිසීමෙන් අඩු ප්රවණතාවක් ඇති මේ වගේ කාලයක එය ඉදිරියට ගෙන යාමට ඉතාමත් ආසාවෙන් සිටින අතර ඒ වෙනුවෙන් ඉදිරියේදී කටයුතු කරන බවත් ඇය තම අදහස් දැක්වීම් ඇතිවී පවසා තිබුණා.








