අහුලගත්ත ගොසිප්

ආරන්‍යා සුදු දෝණිගෙ 2වෙනි උපන්දිනේ වෙනුවෙන් කල ගොඩක් ලස්සන ෆොටෝ ශුට් එක

බොහෝ ප්‍රේක්ෂකයන් ආදරය කරන කලා පවුල් අතරින් වඩාත් ජනප්‍රිය සුන්දරතම ආදර්ශමත් කලා පවුලක් ලෙස ඉදිරියෙන්ම තැබිය හැකි පවුල තමයි ඇන්තනි පවුල කියලා කියන්නේ,

එහි මුදුන් මුල වන ජැක්සන් ඇන්තනි මහතා ඇතුළු කුමාරි මුණසිංහ මහත්මිය හා madhavee anthony අකිල ධනුද්දර දනුද්දර රජිත් අනුත්තර යන දූත පිරිස ඇතුළු මේ සුන්දර කලා පවුලට තවත් අලුත් අළුත් සාමාජික සාමාජිකාවන් පිරිසක් එක් වුණේ.

මීට වසර තුනකට ඉහතදී ඔවුන් තිදෙනාගේ විවාහයත් සමගයි ඉතින් මීට වසර දෙකකට ඉහතදී ජැක්සන් ඇන්තනී මහතා මුත්තණුවන් කරමිනුත්,

කුමාරි මුණසිංහ මහත්මිය මිත්තණිය කරමිනුත් කඩවසම් රංගන,නිරූපණ ශිල්පී අකිල ධනුද්දර සහ ඔහුගේ ආදරණීය සුරූපී බිරිඳ එමී දෙමව්පියන් කරමින් මේ සුන්දර පවුලට හුරුබුහුටි ,හුරතල් සිගිති දියණියක් එක් වුණ වග මේ වනවිට නොදන්නා කෙනෙක් නැහැ.

ඉතින් මේ පුංචි සුරංගනාවි තමයි සකී ආරන්‍යා ඇන්තනී කියලා කියන්නේ. ඉතින් මේ සුරතලිය ගේ දෙවන උපන්දිනය අදට යෙදී තිබෙන අතර අකිල තම ආදරණීය, කුළුදුල්, සිඟිති දියණියට සුභ පැතුම් එක්කරමින් මුහුණු පොතට ඉතා සුන්දර සටහනක් එක් කර තිබුණා.

එය මෙසේයි “මගේ ජීවිතේ ඔයා නිසා ලස්සන වුණා, අලුත් වුණා. ඔයා ඇත්තටම දිව්‍ය ලෝකෙන් ආපු සුරංගනාවියක්. ඇත්තමයි.

අප්පච්චියි, අම්මයි මට මගේ ජීවිතේ දුන්නට පස්සෙ මට දුන්න ලොකුම තෑග්ග දුන්නේ ඔයා. ඒ තමයි මගේ දුව. දුව ඉපදුනේ 1st anniversary දවසෙමයි.

සුරංගනාවියෝ පොළවට බහින්නේ සුබ නිමිති බලලා. ඔයා තමයි මගේ ජීවිතය සුරංගනා ලෝකයක් කරේ. කරදර ,ප්‍රශ්න කියන දේවල් කාටත් පොදුයි. ඉස්සරහටත් එහෙමයි.

මොනදේ උනත් ඒ හැමදේටම ඔයා මාත් එක්ක ඉන්නවා කියලා මම දන්නවා. මාත් එහෙමයි මට පුළුවන් උපරිමයෙන්ම ඔයාගේ ලෝකයත් මම සුරංගනා ලෝකයක් කරනවා කරනවා ම තමයි. ඒකෙ ආයෙ දෙකක් නෑ. ආදරෙයි මගේ පණ” ලෙසයි.

ඉතින් මේ ආදරණීය ඇන්තනි පවුල එකතුවෙලා මේ පුංචි සුරංගනාවියගේ දෙවන උපන්දිනය ඉතා සුන්දර, චාම් අයුරින් සමරන්නත් අමතක කෙළේ නැහැ.

ඉතින් එහි සුන්දර අවස්ථා ඡායාරූප ඇසට හසු කර ගනිමින් සුන්දර මතක සටහන් ලබාගෙන තිබුණේ ඡායාරූපකරණ ක්ෂේත්‍රයේ සිටින අති දක්ෂ , ජනප්‍රිය ඡායාරූප ශිල්පියකු වන සශේන් මිහිරංග විසිනුයි.

ඉතින් එහි සුන්දර දර්ශන ඔබ වෙත රැගෙන එමින් ආරණ්‍යා පුංචි දෝනිට සුභ උපන්දිනයකට, වාසනාවන්ත අනාගතයකට ආසිරි එක්කර සිටින්නත් අපි අමතක කරන්නේ නැහැ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button