
අගමැති ආචාර්ය හරිනි අමරසූරියට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව හෙට කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න වෙත භාරදීමට සැලසුම් කර ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක ප්‍රකාශ කළා.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව නිකුත් කළ 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලය පිළිබඳ ගැටලුව මුල්කරගෙනයි අගමැතිනියට එරෙහිව විපක්ෂය මෙම විශ්වාසභංග යෝජනාව ගෙන එන්නේ.






