දේශිය පුවත්

තජූඩීන් මියයන විට කජ්ජා ආරක්‍ෂක අමාත්‍යංශයේ රැකියාවක – CID විමර්ශන වලදී තවත් කරුණු රැසක් හෙළිවෙයි

තජූඩීන් මියයන විට කජ්ජා ආරක්‍ෂක අමාත්‍යංශයේ රැකියාවක - CID විමර්ශන වලදී තවත් කරුණු රැසක් හෙළිවෙයි

අරුණ විධානගමගේ හෙවත් මීගස් ආරේ කජ්ජා නැමැත්තා තජුඩීන් ඝාතනයට ලක් වූ කාල වකවානුවේදී ආරක්ෂක අමාත්‍යාංශයේ සේවය කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

ඒ, රගර් ක්‍රීඩක වසීම් තජ්ජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන විමර්ශනවලදීයි.

CID වෙත ප්‍රකාශයක් ලබා දුන් කජ්ජාගේ බිරිඳ පවසා ඇත්තේ, 2012 මැයි මස 17 වන දින රගර් ක්‍රීඩකයා ඝාතනයට ලක්වීමට පෙර, ඔහු පසුපස මෝටර් රථයකින් ලුහුබැඳි පිරිස අතර කජ්ජාද සිටි බවයි.

නමුත්, පසුව ඔහුගේ පුත්‍රයා සහ ඥාතීන් විසින් මෙම ප්‍රකාශයන් අභියෝගයට ලක් කරමින් විවිධ ප්‍රකාශ සිදු කර තිබුනා.

මේ අතර , ඝාතනය සිදුවූ දිනේ කජ්ජා රැඳී සිටි ස්ථාන පිළිබඳව සහ දුරකථන දත්ත විශ්ලේෂණ වාර්තා අධ්‍යයනය කරමින් CID ය විසින් අඛණ්ඩව විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

එමෙන්ම ඝාතනය සඳහා ගිනි අවිය ලබා දුන් බවට දැනට ප්‍රකාශ කර ඇති පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා අපේක්ෂක සම්පත් මනම්පේරී දින 90ක රඳවම් නියෝග මත බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටින බව පොලිසිය විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button