ආරක්ෂාවට වාහන ඕනේ නම් ඉල්ලන්න – රජයෙන් සලකා බලන්න පුළුවන්
ආරක්ෂාවට වාහන ඕනේ නම් ඉල්ලන්න - රජයෙන් සලකා බලන්න පුළුවන්

ආරක්ෂාවට වාහන ඕනේ නම් ඉල්ලන්න – සලකා බලන්න පුළුවන් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.
ඒ, අනුව ආරක්ෂාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරුන් විසින් කරන ලද ඉල්ලීම් සලකා බැලීමට රජය විවෘත බවයි ඔහු සඳහන් කරන්නේ.
අද පාර්ලිමේන්තුව අමතමින් අමාත්‍ය විජේපාල කියා සිටියේ, ජනාධිපතිවරුන්ගේ හිමිකම් (අවලංගු කිරීමේ) පනත හඳුන්වා දුන්නද, හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සහතික කිරීමට රජය කැපවී සිටින බවයි.
“පනත සම්මත වීමෙන් පසු හිටපු ජනාධිපතිවරුන්ට ලබා දී තිබූ වරප්‍රසාද කිහිපයක් ඉවත් කරන ලදී. හිටපු ජනාධිපතිවරුන් කිහිප දෙනෙකු දැනටමත් නිවාස සහ වාහන වැනි ඔවුන්ට ලැබුණු ඇතැම් ප්‍රතිලාභ භාර දී ඇත,”
නමුත්, ආරක්ෂක සාධකය ජනාධිපතිවරුන්ගේ හිමිකම් (අවලංගු කිරීමේ) පනත යටතට නොවැටෙන බව අමාත්‍ය ආනන්ද විජේපාල වැඩිදුරටත් පැහැදිලි කළා.
“ඒ නිසා, සමහර හිටපු ජනාධිපතිවරුන් ඔවුන්ගේ ආරක්ෂාව සඳහා භාවිතා කළ වාහන ආපසු ලබා දී තිබෙනවා. පනත යටතේ සමහර වරප්‍රසාද ඉවත් කර තිබුණත්, ඔවුන්ගේ ආරක්ෂාව සහතික කිරීමට රජය කැපවී සිටිනවා. අවශ්‍ය නම්, වාහන ඇතුළු ආරක්ෂාව සම්බන්ධයෙන් ඉල්ලීමක් කළ හැකියි. එවැනි ඉල්ලීම් සලකා බැලීමට රජය සූදානම්,”








