දේශිය පුවත්
සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්
සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

පාසල්වල සේවය කරන සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව අත්සනින් යුත් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ, 2023 මාර්තු මස 25 වන දින පාසල්වල සේවය කරන සංවර්ධන නිලධාරීන් ඇතුළුව රජයේ සේවයේ නියුතු උපාධිධාරී නිලධාරීන් ගුරු සේවයට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් පැවැත්වීමට නියමිතව තිබු තරග විභාගයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වූ නඩු කටයුතු කිහිපයක් මේ වන විට අවසන්ව ඇති බවයි.
කෙසේ වෙතත් අභියාචනාධිකරණයේ විභාග වන නඩු කටයුත්ත මේ වන විටත් අවසන්ව නොමැති හෙයින් එම නඩුවේ ද තීන්දුව ලබා දීමෙන් පසුව ඉහත විභාගය සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදුකෙරෙනු ඇතැයි අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් පවසනවා.








