දේශිය පුවත්

තාජුඩීන් ඝාතනය වූ රථයට පිටුපස රථයේ දේශපාලන ඉත්තෙක් වූ කජ්ජා ඉදලා – බිරිඳ සියල්ල හෙළි කරයි – VIDEO

තාජුඩීන් ඝාතනය වූ රථයට පිටුපස රථයේ දේශපාලන ඉත්තෙක් වූ කජ්ජා ඉදලා - බිරිඳ සියල්ල හෙළි කරයි

2012 වසරේ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් මියගොස් සිටි රථයට පිටුපසින් ගමන්ගත් සැකකටයුතු රථයක, පසුගියදා මිද්දෙණියේදී ඝාතනයට ලක්වූ අරුණ විදානගමගේ හෙවත් ‘කජ්ජා’ සිට ඇති බවට ඔහුගේ බිරිඳ අනාවරණ කළ බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී මිනුර සෙනරත් අද අනාවරණ ලැබුවා.

ඇය මේ බව ප්‍රකාශ කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ස්වෙච්ඡාවෙන් ප්‍රකාශයක් ලබාදුන් අවස්ථාවේදීයි.

2012 වසරේ මැයි 17 වෙනිදා කොළඹ නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණයට නුදුරින් දැවී ගිය මෝටර් රථයක් තුළ තිබී රගර් ක්‍රීඩක වසීම් තජුඩීන්ගේ සිරුර හමුව විය.

මුල් අවස්ථාවේ තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන තුළින් එම මරණය හදිසි අනතුරකින් සිදුවූ මරණයක් බවට පොලිසිය පැවසුවද එය පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ඥාතීන් ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිටියා.

අනතුරුව යහපාලන ආණ්ඩුව බලයට පත්වූ පසු 2015 වසරේදී තජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් යළි විමර්ශන ඇරඹි අතර 2015 ජුලි 27 වනදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට විශේෂ වාර්තාවක් ඉදිරිපත් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම්දුන්නේ තජුඩීන්ගේ මරණය මිනී මැරුමක් යැයි කරුණු අනාවරණය වූ බවයි.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් සාක්ෂි වසන් කිරීමේ චෝදනා මත බස්නාහිර පළාත් භාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක, නාරාහේන්පිට පොලීසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරා සහ කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද සමරසේකර යන සැකකරුවන් අත්අඩංගුවට ගැනුණත් පසුව ඇප මත මුදාහැර තිබුනා.

නමුත් අනුර සේනානායක සහ ආනන්ද සමරසේකර යන සැකකරුවන් නීති කෘත්‍යය ක්‍රියාත්මකවන අතරවාරයේ මියගියා

එවැනි වාතාවරණයක වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද ප්‍රවෘත්ති සාකච්චාවක් පවත්වමින් තජුඩීන් සිද්ධියේ විමර්ශන ගැන කරුණු අනාවරණයක් කළා.

කජ්ජාගේ බිරිඳට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පෙන්වන ලද තාජුඩීන් හැව්ලොක් සිටි සංකීර්ණය අසළ වෙළෙඳසැලකින් වතුර බෝතලයක් මිලට ගන්නා අයුරු දැක්වෙන CCTV දර්ශන නරඹා ඇය පවසා ඇත්තේ එම අවස්ථාවේදී තාජුඩීන් පිටුපස සිට ඇති පුද්ගලයා තම ස්වාමියා බවයි.

ඇය එලෙස එම පුද්ගලයා නිසැකවම තම සැමියා වන කජ්ජා බවට හඳුනාගෙන ඇත්තේ ඔහුට දීර්ඝ කාලයක පටන් තිබූ කොන්දේ අමාරුවක් හේතුවෙන් සහ ඔහුගේ ඉරියව් හේතුවෙන්.

වතුර බෝතලය මිලට ගැනීමෙන් අනතුරුව තාජුඩීන් පිටුපසින් පැමිණි සැකකටයතු වාහනයකට කජ්ජා අත දමා ගොඩ වී ඇති බවත් ඉන් විනාඩි 20කට පසු තාජුඩීන් ඝාතනය සිදුවූ බවත් බිරිඳ ප්‍රකාශ ලබාදෙමින් පවසා ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button