නව කොවිඩ් ප්‍රභේදයත් සමඟ මෙරට රෝහල්වල PCR වැඩි කෙරේ
නව කොවිඩ් වෛරසයේ ව්‍යාප්තියත් සමඟ දිවයින පුරා රෝහල් තුළ සිදුකරන PCR පරීක්ෂණ වැඩිකිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ, ලොව පුරා රටවල් රැසක නැවත වරක් ව්‍යාප්තව පවතින නව කොවිඩ් වෛරසය සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි.
“නව කොවිඩ් වෛරසය සම්බන්ධයෙන් අවධානය විශාල වශයෙන් යොමු කරලා තියෙනවා. අපි නැවතත් වසංගත විද්‍යා අංශය ඇතුලු කොවීඩ් සම්බන්ධ කන්ඩායම් රැස්කරලා සාකච්චා පවත්වලා අපේ සෞෟඛ්‍ය පද්ධතිය තුළ මේ අවස්ථාවේ මොනවද කරන්න ඕන කියලා සාකච්ඡා පවත්වා තිබෙනවා. මේ අවස්ථාවේ ජනතාව බියවීමට අවශ්‍ය නැහැ. හැබැයි ශ්‍රී ලංකාවට මේක එන්නේ නැහැ කියළා ඒකෙන් අදහස් වෙන්නේ නැහැ. ලංකාවේ කොවීඩ් රෝගීන් සංඛ්‍යාව ඉතාම අඩුයි. කොවීඩ් ලෝක වසංගතය අවසන් වීමෙන් පසුවත් මේ කොවිඩ් වසංගතය දිගටම තිබුණා.
පසුගිය වසර කිහිපයම ගත්තම මැයි ජූලි තමයි කොවීඩ් සංඛ්‍යාව ඉහළ යන්නේ. මේ අවස්ථාවේ ආසියාවේ තමයි කොවීඩ් වැඩිවිමක් තියෙන්නේ. සිංගප්පූරුවේ පැතිරීම නිසා වැඩි අවධානයක් යොමුවුණා. මේ අවස්තාවේ වැටකඩුලු බැදීම පමණණක් නෙමෙයි අපි අභ්‍යන්තරව මේ සඳහා සූදානම් වීම කළ යුතුයි. ජාතික රෝහල් ඇතුලු ප්‍රධාන රෝහල් සහ පීසීආර් තිබෙන රෝහල්වල එම පරීක්ෂණ යම් ප්‍රමාණයකට වැඩි කිරිමට කටයුතු කරනවා.
උණ පිළිබඳ ආවේක්ෂන පද්ධතියක් තිබෙනවා. ඒවා පිළිබඳවත් මේ දිනවල වැඩි අවධානය යොමු කර තිබෙනවා. ඒ හරහා අපි කෝවීඩ් තත්වය මොන මට්ටමක තියෙනවද කියලා විමසා බලනවා. නව කොවිඩ් වෛරසය තියෙනවද කියලත් විමසා බලනවා. නව ප්‍රබේදය ගත්තත් මරණ අනුපාතය අඩු මට්ටමක පවතිනවා. සිංගප්පූරුව ඉන්දියාව ඇතලු ලොව පුරා රටවල් රැසක නව කොවිඩ් වසංගත තත්වයක් නැවත වරක් ව්‍යාප්තව වෙමින් පවතී.”
ශ්‍රී ලංකාවට ආසන්නම රට වූ ඉන්දියාවෙන් නව කොවිඩ් වෛරසය ආසාදනය වූ රෝගීන් 1,009 දෙනෙකු වාර්තා වූ බව පසුගියදා ඉන්දීය මාධ්‍ය වාර්තා කළ අතර මරණ එම රෝගීන් අතුරින් පුද්ගලයින් 04 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බවත් වාර්තා කර ඇත්තේ.








