
“සිරස සුපර්ස්ටාර්” සීසන් 6 තරගාවලිය හරහා බොහෝ දෙනකු හඳුනා ගන්නා ඇය සුරූපී, යොවුන්, අති දක්ෂ තරුණියක වන ටෙහානි ඉමරායි.
ඉතින් සිරස “සුපර් ස්ටාර්” තරගාවලියෙන් පසුව ඇය පිළිබඳ වැඩි වශයෙන් කතාබහට ලක්වුනේ මෑත කාලයේ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් ඇයව ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂක ධූරයට පත් කරනු ලැබීමත් සමඟයි.
ගායනයට මෙන්ම අධ්‍යාපනයට ද උපන් හපන්කම් දක්වන ඇය ශිෂ්‍යත්ව විභාගයෙන් මුළු දිවයිනෙන්ම හත්වැනියා ලෙසත්, අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් මුළු දිවයිනෙන්ම 8 වැනියා ලෙසත්,
අ.පො.ස උසස් පෙළ විභාගයෙන් වාණිජ අංශයෙන් මුළු දිවයිනෙන්ම හතර වෙනියා ලෙසත් z.score 3.8901 ක් ලබා ගනිමින් අති විශිෂ්ට අයුරින් සමත්වීමට ඇය වාසනාවන්ත වනු ලබනවා.
ඒ වගේම ඇය හට තිබූ සිංහල බස හැසිරවීමේ නොහැකියාව නිසාත්, ලංකාවේ සරසවියන් වල තිබූ ගැටලුකාරී තත්ත්වයන් නිසාත් ඇය උසස් අධ්‍යාපනය සඳහා ඇමරිකාවේ “ඔක්ස්වර්ඩ්” සරසවියේ තෝරා ගන්නා අතර
එහිදී ඇය හට සරසවියට ඇතුළත් වීමේ විභාගයෙන් ද මෙතෙක් කිසිවකුටත් ලබා ගැනීමට නොහැකි වූ උසස් ලකුණු ප්‍රතිශතයක් ලබා ගනිමින් වාර්තා පිහිටුවමින් සමත් වීමට හැකි වනවා.
bachelor degree සහ masterg degree දෙකම අවුරුදු දෙකහමාරකින් ඇය නිම කරනු ලබන්නේ GPA අගය 6.7ක් පවත්වා ගනිමිනුයි.
ඒ වගේම මේ වන විට ඇය marketing MBA, marketing ca දෙකක්ද නිම කර ඇති බවයි කියා තිබුණේ.
වයස අවුරුදු 24ක් වන විට බොහෝ අංශයන්ගෙන් සාර්ථක ගමනක් පැමිණීමට හැකිවන ඇය උපත ලබන්නේ 1996 වර්ෂයේ මාර්තු මස 10 වන දිනයි.
තවමත් අවිවාහක නමුත් තරුණ වියේ පසුවන ඇය කියා සිටියේ ඇය ප්‍රිය කරන්නේ කෙදිනකහෝ ඇමරිකානු තරුණයකු හා විවාහ වීමට බවත්,
ශ්‍රී ලාංකික තරුණයින්ට පිරිමි කියා කිව නොහැකි බව හා සුපිරි තරුණයින් ලංකාවේ නොමැති බවයි. කෙසේ නමුත් මේ අති දක්ෂ තරුණියගේ සියලු බලාපොරොත්තු එලෙසටම ඉෂ්ට වේවා කියා අපි ඇයට සුබ ප්‍රාර්ථනා එක් කර සිටිනවා.








