
ගුරුවරයෙක් කියන චරිත අපි කවුරුත් ආදරේ කරන ගෞරව කරන චරිතයක් වනවා. කුඩා වියේ පටන් තරුණ විය දක්වාම අපි විවිධ අධ්යාපන කටයුතු සිදු කරනු ලබන අතර
එම අධ්යාපන කටයුතු සඳහා සහය ලබා දෙනු ලබන්නේ ආදරණීය ගුරුවරුන් වේ.
පෙර පාසල, පාසල, උසස් අධ්යාපන කටයුතු විශ්වවිද්යාලය ආදී විවිධ ස්ථාන වලදී අපට විවිධ ගුරුවරුන් මුණගැසෙනු ලබන අතර ඔවුන් අපේ ජීවිතයට එක් වනු ලබන අත්දැකීම්, ආදරය, කරුණාව දයාව කිසිවිටෙකත් අපට අමතක කරන්නට බැහැ.
පෙර පාසල් ගුරුවරයා කියන්නේ හුරතල් වයසේ සිටින දඟකාර පුංචි පැටවුන් සමාජයට හුරු කරන වගකීම් රාශියක් දරන ගුරුවරුන් කොට්ඨාසයක් වනවා.
විශාල කැප කිරීමක් කරමින් දවස පුරාවට දගකාර පුංචි පැටව් බලාගන්න ආදරණීය පෙර පාසල් ගුරුවරියන් ගණනාවක් අප රටේ සිටින අතර ඔවුන් දරුවන් හා කාලය ගත කරන ආකාරය දරුවන්ට ආදරය කරන ආකාරය අප නිරන්තරයෙන් දකින්නට අසන්නට ලැබෙනවා.
අපි මේ කියන්නට යන්නේ එවැනි පෙරපාසල් ගුරුවරියක් සම්බන්ධ වන අතර මේ දිනවල සමාජ මාධ්ය පුරා ඇය බොහෝ සේ ජනප්රිය වී තිබෙනවා.
පුංචි දරුවන් සමඟ හුරතල් වැඩ කරමින් ඉතාමත් ආදරණීය ලෙස ලබාගත් ඡායාරූප ගණනාවක් මේ දිනවල සමාජ මාධ්ය පුරා හුවමාරු වන අතර දරුවන් සමඟ කෙළිදෙලෙන් ගත කරන ආකාරය ඡායාරූප ඔස්සේ දැක ගැනීමට හැකි වනවා.
පුංචි දරුවන්ට ලෝකය ගැන කියා දෙන ඔවුන්ට ආදර දක්වමින් අකුරු කියා දෙන මේ ආදරණීය සුන්දර පුංචි ටිචර් නමින් අයෝධ්යා සත්සරණි.









