උණුසුම් පුවත්

පෙම්වතිය එනතුරු බලාසිටි පේරාදෙණියේ මොහුගේ රටම නොදන්න ඇත්ත කතාව

ආදරය කියලා කියන්නේ රජෙක් හිගන්නෙක් කලහැකි, හිඟන්නෙක් රජෙක් උනත් කළ හැකි අරුම පුදුම දෙයක් කිව්වොත් ඔබත් පිළිගනු ඇති.

ආදරේට වං’ චා කරන, වාසියට පමණක් තවත් හිතකට ලන් වන ,අත් හරින්න බලන් තාවකාලිකව ආදරයක පැටලෙන ඇතැමුන් අතර ආදරය ජීවිතයම කරගත් ,කිසිම වං’ චාවකින් තොරව සැබැවින්ම ආදරය කරන ප්‍රේමවන්තයෝ ද නැතුවාම නොවේ.

දෙදෙනාම එලෙසට අවංක වුවහොත් ජීවිතය සුන්දර වනවා සේම එක් අයෙකු පමණක් එලෙසට අවංකව ආදරය කළ හොත් වර්තමානයේ නිතර අසන්නට දකින්නට ලැබෙන ලෙස අවාසනාවන්ත ඛේදවාචකයකින් වුවත් අවසන් විය හැකියි.

එලෙසම ආදරය විරහවක් වූ විට දරාගත නොහැකිව ජීවිතය නැතිකර ගත් අවස්ථා මෙන්ම මානසික රෝහල් වලට ඇතුලත් වීමට සිදු වූ අවස්ථාද සුලභ ලෙස වාර්තා වනවා.

මේ සියල්ලම සත්‍ය වුවත් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ නිතර කතාබහට ලක්වන ,දක්නට ලැබෙන ප්‍රේමයෙන් පරාජිත වූ තම පෙම්වතිය නැවත පැමිණෙන තුරු බලා සිටින ප්‍රේමවන්තයකු ලෙස සැවොම හදුනා ගත් ඔහුගේ පවුලේ අය හමු වූ බවට සමාජ මාධ්‍යයේ සැරිසරන මේ වන විට නොදන්න කෙනෙක් නැහැ.

“Ushan vlogs” youtube චැනලය මගින් සිදු කළ කැපකිරීමක ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ පවුලේ අය සොයා ගැනීමට උෂාන් වීදියගොඩ නැමැති 21 හැවිරිදි ජනප්‍රිය සමාජ මාධ්‍ය තරුණයා හට හැකි වන අතර,

මේ සඳහා ඔහුට එම තරුණයා ගේ පවුලේ අය සොයා දෙන්නේ සෙංකඩගල පුරවරයේ ගුප්ත විද්‍යා ආචාර්ය වීර සාමි දේවගැතිතුමා විසිනුයි.

දේවගැති තුමා විසින් පලකළ අනාවැකියක් මෙලෙසට සඵල වී තිබෙන අතර දේවගැති තුමා විසින් දින දෙකක් ඇතුළත එම තරුණයාගේ දෙමව්පියන් සම්බන්ධ කර දෙන ලෙස උණු පොරොන්දුවක් මත එය එලෙසටම සිදුවන අතර ඒත් සමගම මෙම තරුණයාගේ සැබෑ තතු එළියට එනු ලබනවා.

දෙනියාය ප්‍රදේශයේ උපත ලබා ඇති ඔහු නමින් රමේෂ් ය. දමිළ ජාතික තරුණයකු වන ඔහු හට මෙවැනි ඉරණමක් අත්ව ඇත්තේ ප්‍රේම සම්බන්ධතාවයක් මත නොව කුඩා කල සිට මද වශයෙන් මානසික රෝගී තත්ත්වයකින් පීඩා විඳ ඇති ඔහු කල්යත්ම එම තත්වය මදක් උත්සන්න වීමත් සමඟයි.

වසර අටක කාලයක් කාත් කවුරුත් නොමැතිව පේරාදෙනිය මල් වත්ත අසල මන් මුලා වී සිට ඇති ඔහුගේ රෝගී තත්ත්වය සහ හැසිරීම් රටාව නිසාම ඔහු පිළිබඳව බොහෝ දෙනා නොයෙකුත් ව්‍යාජ නිර්වචන දීමට පෙළඹෙනවා.

ඉතින් සැමට ආදර්ශයක් සපයමින්, ඔහු පිළිබඳව ව්‍යාජ පුවත් නිර්මාණය කළ කිසිවකුත් සිදු කිරීමට ඉදිරිපත් නොවූ විශාල පුණ්‍ය කර්මයක් සිදු කරමින්

උෂාන් වීදියගොඩ නැමැති youtube නාලිකාවේ තරුණයා සහ වීර සාමි දේවගැතිතුමා ඇතුළු ඔවුන්ගේ පිරිස ද එක්ව රමේෂ්ව නාවා,කොන්ඩ නියපොතු රැවුල් කපා ,අලුත් ඇඳුම් අන්දවා ඔහුගේ පියා ද සොයා දී ඔහුව රෝහල් ගත කරමින් මෙය සිදු කළ පුණ්‍ය කර්මය අගය කළ යුතු නොවේද.

ඒ වගේම කුලී රැකියාවක නිරතවන රමේෂ් ගේ පියාට ඔහුව රැකබලා ගැනීමට වත්කමක් නොමැති බැවින් ඉදිරියට රමේෂ්ගේ වගකීම් භාර ගැනීමට සාමිතුමා ඉදිරිපත් වී තිබෙනවා.

ඉතින් තමන් පිළිබඳව පමණක් මුලින් සිතීමට බොහෝ දෙනකු පෙලඹී තිබෙන අද වැනි යුගයක අන් අයට පිහිට වෙන, අනෙකා පිළිබඳව සිතන මිනිසුන් ද සිටින බවට මෙය කදිම උදාහරණයක් නොවන්නේද.

ඒ වගේම වයස 21ක් වැනි කුඩා වයසකදී මෙවැනි පුණ්‍ය කර්මයක් සිදු කිරීමට සිත් වීම පිළිබඳව උෂාන් වීදියගොඩ තරුණයා හට ද අපගේ උත්තමාචාරය පුද කරනු ලබනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button