
මේ දිනවල බොහෝ දෙනෙක් ඉතා ආසාවෙන් නරඹන “පොදු season 2′ ටෙලි නිර්මාණයෙහි “දුෂී” ලෙසත් , “රේස්” ටෙලි නිර්මාණයෙහි “දේවානි සහ මේඝා” නම් ද්විත්ව රංගනයෙනුත් අතිවිශාල ප්‍රේක්ෂක ආදරයක් දිනා ගැනීමට සමත්ව තිබෙන නව පරපුරේ සිටින ජනප්‍රිය, යොවුන්, අති දක්ෂ, සුරුපී රංගන ශිල්පිනියක් තමයි මිෂෙල් දිල්හාරා කියලා කියන්නේ.
“පොදු” ටෙලි නිර්මාණයෙහි වෙනස්ම ආකාරයේ චරිතයකට ජීවය එක් කරන මිෂෙල් කියා සිටියේ ඇය රංගනයෙන් දායක වී තිබෙන චරිතයන්ගෙන් එය ඇයට ලැබුණු වෙනස්ම ආකාරයේ, අභියෝගාත්මක චරිතයක් වූ බවයි.
ඒ වගේම ඒ සඳහා ඇයට ප්‍රේක්ෂක හොඳ ප්‍රතිචාරයන් ද විශාල වශයෙන් ලැබෙණ බවයි කියා සිටියේ. ඒකාකාරී චරිතයන්ට කොටු නොවූ රංගන ශිල්පිනියක වුවත්
තවමත් ඇය හට අඳ, ගොළු ,බිහිරි ,විශේෂ අවශ්‍යතා සහිත තැනැත්තියකගේ චරිතයකට පණ පෙවීමට ලැබී නොමැති බව හා එවැනි චරිතයකට ජීවය එක් කිරීමට ප්‍රිය කරන බවයි මිෂෙල් කියා සිටියේ.
ඒ වගේම ඇයගේ වසර 5ක රංගන දිවියේ මෙතෙක් ඇය දුෂ්ට චරිතයකට රංගනයෙන් දායක වූ ප්‍රථම අවස්ථාව “දුෂී” නම් චරිතය බවයි ඇය කියා සිටියේ.
ඒ වගේම ජපන් ජාතික අධ්‍යක්ෂකවරයෙකු වන අකිර කුරසාවා මහතාගේ “ඉකිරු” නම් සිනමා නිර්මාණයෙහි පරිවර්තනයක් ලෙස සුනිල් කොස්තා මහතා “පනම් බදින ගස්” ලෙස නවතම ටෙලි නිර්මාණයක් ඉදිරියේදී ප්‍රේක්ෂකයන් හමුවට රැගෙන ඒමට නියමිතව තිබෙන අතර මිශෙල් ද එහි රංගනයෙන් දායක වී සිටින බවයි කියා සිටියේ.
ඉතින් ඒ වගේම මිෂෙල් කියල කියන්නෙ නිතර නැති බැරි අයට උදව් උපකාර කරන, පිහිටවෙන ,සමාජ සේවිකාවක ලෙස ද හඳුන්වන්න පුළුවන්.
මේ වන විට මිල කළ නොහැකි තරම් සමාජ සේවා කටයුතු සිදුකර ඇති ඇය හට ඒ වෙනුවෙන් 2018 වසරේදී ඉන්දියාවේ පැවැති Asia inspiration award හී සම්මානයක් ද හිමි වනු ලබනවා.
ඒ වගේම 2019 වසරේ ඇගේ කෘතිය වෙනුවෙන් national youth icon award එකද, 2020 වසරේ හොඳම නැගී එන නිළියට හිමි සම්මානය 2019 වෙනුවෙන් ද,2021 වසරේදී සුමති සම්මාන උළෙලේ හොඳම නැගී එන නිළියට හිමි සම්මානය ද ,
“සුදු ඇඳගෙන කළු ඇවිදින්” ටෙලි නිර්මාණය වෙනුවෙන් රාජ්‍ය සම්මාන උළෙලේ කුසලතා සම්මානය ද ලෙස සම්මානයන් ගණනාවකින් පිදුම් ලැබීමට මේ කුඩා වයසේදී ඇය සමත් වනු ලබනවා.
ඒ වගේම 2021 වසර වෙනුවෙන් 2022 වසරේ පැවැත්වීමට නියමිත රයිගම් ටෙලි සම්මාන උළෙලේ හොඳම සහාය නිළියට ද ඇය නිර්දේශ වී ඇති බවයි අපට දැනගන්න ලැබුණේ.
ඉතින් ඉතා කුඩා වයසදී සහ ඉතා කෙටි කාලයක් තුළ ක්ෂේත්‍රයට පා තබා සාර්ථක ගමනක් පැමිණ තිබෙන මේ සුරූපී ,ජනප්‍රිය රංගන ශිල්පිනිය මිශෙල් හට අපි සුබ ප්‍රාර්ථනා එක් කර සිටිනවා.








