අහුලගත්ත ගොසිප්ගොසිප් පුවත්

ජැක්සන් ඇන්තනි මගේ අප්පච්චි මට මාර පන්නරයක්, සජිත කාලෙකින් කියූ කතාව

නව පරපුරේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ ,ජනප්‍රිය රංගන ශිල්පියෙක් ,ගායන ශිල්පියෙක් ,නිවේදන ශිල්පියෙක් මෙන්ම නර්තන ශිල්පියෙක් ද යන කැටකරි සියල්ලටම අයිතිවන කඩවසම්, යොවුන් රංගන ශිල්පියෙක් තමයි සජිත අනුත්තර ඇන්තනී කියලා කියන්නේ.

මේ දිනවල “සරා” නමින් කවුරුත් හඳුන්වන ඔහු ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතාගේ පුතු වීම දකින්නේ ආභරණයක් ලෙස නොව ඔහු ලද විශාල ශක්තියක්, උත්තේජනයක් ලෙසයි.

රංගනයට ,ගායනයට ,නිවේදනයට, නර්තනයට අමතරව මේ වන විට අධ්‍යක්ෂණයට ද මුල පුරා ඇති ඔහුගේ ප්‍රියතම කටයුත්ත එය බවයි කියා සිටියේ.

“සූරිය අරණ” සිනමා පටය හරහා ළමා රංගන ශිල්පියෙකු ලෙස රඟන රංගන ක්ෂේත්‍රයට පා තබා “බොහිමියානුවා” ටෙලි නිර්මාණය හරහා යොවුන් රංගන ශිල්පියකු ලෙස කරළියට පැමිණෙන ඔහු,

මේ වන විට ටෙලි නිර්මාණ ,සිනමා නිර්මාණ රාශියක් හරහා ප්‍රේක්ෂක ආදරය ඉතා ඉහළින් දිනා ගනිමින් පුංචි තිරයත් ,රිදී තිරයත් යන ද්විත්වයම ජයගනිමින් ක්ෂේත්රය තුළ සාර්ථක ,දිගු දුරක් පැමිණ තිබෙන බව නොරහසක්.

කුඩා කල සිට තරුණ වියට එළඹෙන තෙක් ක්ෂේත්රය තුළ සාර්ථක ලෙස රැඳී සිටීම යන අසීරු කඩඉම ඉතා සාර්ථක ලෙස, ඉහළින් ජයගෙන තිබෙන ඔහු,

අධ්‍යක්ෂවරයකු ලෙස තැබූ පියවර එකවැර ටෙලි නිර්මාණයක් ,සිනමා නිර්මාණයක් කරා නොගොස් අත්හදා බැලීමක් ලෙස මියුසික් වීඩියෝවක් මගින් ආරම්භ කිරීමට පියවර ගත් බවයි සජිත කියා සිටියේ.

ඒ වගේම බොහෝ රංගන ශිල්පීන්, ශිල්පිනියන් යම් චරිතයකට දක්ෂතා දැක්වූවහොත් බොහෝ නිර්මාණකරුවන් ඔවුන්ව එම රාමුවට කොටු කිරීමට තැත් කරන බව පවසමින් ඔහු කියා සිටියේ,

ඔහු ඒකාකාරී චරිතයන්ට කොටුවීමට අකමැති බවත් ,විවිධ වූ චරිතයන් හරහා ප්‍රේක්ෂකයින් රසගැන්වීමට ප්‍රිය කරන බවයි.

ඒ වගේම මේ වන විට ඔහු ඒකාකාරී චරිත යන්ට කොටු නොවී විවිධ වූ චරිතයන්ගෙන් ප්‍රේක්ෂකයින් අමන්දානන්දයට පත් කර ඇති බව අමුතුවෙන් කිවයුතු වන්නේ නැහැ.

යම් ක්ෂේත්‍රයක සාර්ථකත්වයට කුසලතාවය, ආභාෂය මෙන්ම අධ්‍යාපනය ද මූලික සුදුසුකම් ලෙස තිබිය යුතු අතර ඔහු කුමන අංශයකට අවතීරණ වුවත් ඒ සියල්ල ම ප්‍රගුණ කරන බවයි කියා සිටියේ.

ඉතින් උපතින්ම ජානවලින් ලද කුසලතාවයන් ඔප්නංවා ගනිමින් බොහෝ ශ්‍රේෂ්ඨයන් ගෙන් හරඹ පාන මේ කඩවසම් රංගන ශිල්පියා බොහෝ විට ඔහුගේ පියා මෙන් දකින්නේ ජානමය හේතූන් මත වගේම දක්ෂතාවය නිසා කිව්වොත් මා සාධාරණයි කියා සිතනවා.

ඒ වගේම මේ දිනවල විකාශය වන “නාඩගම් කාරයෝ” සහ “අඳුන් ගිර” ටෙලි නිර්මාණ දෙකෙන් පසුව ටෙලි රංගනයට මදකට සමුදීමට තීරණය කර තිබෙන සජිත රංගනයෙන් දායක වී ඇති සිනමා නිර්මාණයන් හතරක් මෙන්ම,

ඔහුගේ නවතම ගීත නිර්මාණයන් කිහිපයක් ද ඉදිරියේදී ඔබට දැකබලා ගැනීමට හැකිවනු ඇති බවයි අවසන් වශයෙන් මේ ජනප්‍රිය රංගන ශිල්පියා කියා සිටියේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button