අහුලගත්ත ගොසිප්ගොසිප් පුවත්

මගේ රත්තරන් අම්මා නිසා තමයි මම කලාවට අවේ සවි අල්විස්

ඔහු ප්‍රේක්ෂකයන් අතරට එන්නේ සංගීතය හරහා යි. පසුව රංගන වරම් ලද ඔහු සවි අල්විස් නම් වන අතර, අද වන විට නොමඳ ප්‍රේක්ෂක අදරය දිනා ගනිමින් සිය කලා හැකියාවන් පිළිඹිබු කරන්නට ඔහු තුළ වූ ඒ අපූර්ව ශක්තිය පුදුමාකාර ය.

සිරස ටීවී” හි මේ දවස්වල විකාශනය වන “හිත ළඟ හිනැහුණ දා” ටෙලි නාට්‍යයේ අපූරුව ලෙස රංගනයෙන් දායක වන සවි, “වඩ්වේල්” කියන දමිළ චරිතය තමයි ඒ ටෙලි නාට්‍යය තුළ නිරූපණය කරන්නේ.

ඉතින් සවි ඔහුගේ ජීවිත කථාව කියන්නේ මෙන්න මේ විදියට යි. “මගේ අම්මා කවදාවත් මට දොස්තර කෙනක් වත් ඉංජිනේරුවෙක් වත් වෙන්නට කියා කියලා නෑ.

මගේ අම්මාගෙ පිහිටෙන් තමයි කලාවට මං සම්බන්ධ වෙන්නේ. මොකද මගේ අම්මා මාව නොසෑහෙන්න දිරිමත් කලා මෙවැනි තැනකට එන්නට.

ඒ වුණත් මගේ අම්මා මට කවමදාවකවත් කියලා නෑ, මාව නිරතම ටීවි එක තුළින් දකින්නට ඕනේ කියන කථාව. මම සෞන්දර්යය විශ්ව විද්‍යාලයේ තමයි කලාව හදාරන්නේ.

ඉතින් ඒකේ ඉගෙන ගනිමින් ඉද්දි තමයි කලාවට එන්නෙ මං. මගේ මේ කලා ගමනෙ සාර්ථකත්වය පිටුපස එදා සිටම ඉන්නේ මගේ ආදරණීය අම්මා යි”, කියලා.

සවිගේ පළමු රංගනය තමයි, “වඩ්වේල්” කියන්නේ. ඒ දමිළ චරිතයක්. පාසල් වේදිකාවෙන් රංගනය ආරම්භ කල සවිට පාසලේ නළුවෙකු විදියට සහතිකයක් ද ලැබී තිබෙන අතර,

මේ හැමදේකින්ම පන්නරය ලැබූ සවිට කලාවෙන් ඉදිරියට යන්නට මෙන්ම කලාව තුළ ඉගෙන ගන්න දේ තුළ ද කිසිම අමාරුකමක් නම් වුණේ නෑ.

පුහුණුවීමත් එක්ක දමිළ භාෂාව කථාකරන්නට පුරුදු වුණු සවි විසින් දමිළ ජනතාව කථා කරන විදිය අධ්‍යයනය කරලා තිමයි “වඩ්වේල්” චරිතය සඳහා රංගනයෙන් දායක වන්නේ නම්.

ඉතින් සවිගේ යාළුවෝ පාසල් ගුරුවරුන්ගේ සහයෝගය ද සමඟින් සහ මනා පුහුණු වීමකින්, සවි ට මේ චරිතේ ඉතා හොඳින් කරන්නට හැකි වී තිබෙනවා.

සිරස වොයිස් වැඩසටහනින් තමයි සවිව ඔබ අප සැවොම හඳුනාගන්නේ. ඒ “පාන්කිරිත්තා” ගීතයෙනි. ඉතින් සවිගේ එදා සිටම වූ බලාපොරොත්තුව තමයි ගායනයත් සමඟින් රංගනයට පිවිසෙන්නට.

ඉතින් අද වන විට සවි ඒ හීනය සැබෑකරගෙන තිබෙන අපූරුව, ඔහු රංගනයෙන් දායක වන “වඩ්වේල්” කියන දමිළ චරිතය තුළින් මනාව පිළිබිඹු වෙනවා.

ඉතින් සවි කියන්නේ, “වොයිස් වැඩසටහනින් ඔහුට ඉදිරියටම යන්නට නොහැකි වුණත්, එය කලාවේ උන්නතිය උදෙසා සවිට තෝතැන්නක් වූ බවයි”. සවි කියන්නේ පෙර ආදරය කළ කෙනෙකුන් වන අතර,

නමුත් සවි නම් කියන්නේ මෙන්න මේ වගේ කථාවක්. “මං කලින් ආදරේ කරල තියනවා. නමුත් මට මේ වෙද්දී නම් ගැලපෙන ආදරයක් ලැබිලා නම් නෑ. ඉතින් ගැලපෙන කෙනා හමුවෙනකම්ම මං ආදරේ හොයාගෙන යනවා”, කියලා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button