උණුසුම් පුවත්ගොසිප් පුවත්තරු ගොසිප්

විවාහයෙන් වෙන් වුනත් සුන්දර ජිවිතයක් ගෙවන අම්මයි දුවයි

ටෙලි නිර්මාණයන්හි මෙන්ම සිනමා නිර්මාණයන්හි ද අති දක්ෂ ලෙස රංගනයේ යෙදෙන ඇය නමින් රොෂානා ඔඩ්ඩච්චි යි. බොහෝ කලක පටන් රංගන ශිල්පිනියක ලෙස කටයුතු කළ රොෂානා සෙනෙහෙබර මවක් මෙන්ම ආදරණීය බිරිඳක ද වනවා.

අපි කොයි කවුරුත් හරිම ආසාවෙන් නැරඹූ කලාත්මක ටෙලි නිර්මාණයන් විදියට දෙරණ නාලිකාවේ විකාශනය වූ, කාගෙත් සිත් ගත් “සිඳූ” ටෙලි නාට්‍යය ගත හැකි අතර, අන්න ඒකේ හරි අපූරුවට රොෂානා රඟපාලා තිබෙනවා.

ඉතින් ඒ විතරක් නෙවෙයි හැමෝම ආස කරපු ටෙලි කථා මාලාවක් වන “හේලි” ටෙලි නාට්‍යයෙත් රොෂානා අපූර්ව ලෙස රංගනයේ යෙදී තිබෙනවා.

ඉතින් මේ නිසාම රොෂානා ඔබේ ආදරණීය කලාකාරිනිය සුවහසක් ප්‍රේක්ෂක ආදරය මෙන්ම ගෞරවය ලබාගන්නට තරම් වාසනාවන්ත වී තිබෙනවා.

රොෂානා නානායක්කාර කලාකාරිනියගේ ආදරණීය සැමියා මනූෂ නානායක්කාර වන අතර, ඔහු ඔබ අප සැම දන්නා කියන ක්‍රියාකාරී දේශපාලන චරිතයක් වන අතර,

දේශපාලනයට එන්නට කලින් මනූෂ නානායක්කාර සන්නිවේදන ක්ෂේත්‍රයේ තමයි සේවය කරලා තියෙන්නේ. පසුකාලීනව දේශපාලනයට බැස්ස මනූෂ සන්නිවේදන ක්ෂේත්‍රයෙන් ඉවත් වෙනවා.

ඒ වුණත් සන්නිවේදන හැකියාවන් නම් ඔහු දේශපාලන කරලිය තුළ මනාව හසුරුවා තිබෙන බව මොනවට කියනවද?.

මෙනාෂා නානායක්කාර කියන්නේ, මනූෂ සහ රොෂානා ගේ ආදරණීය දියණිය වන අතර, මේ වෙද්දී මෙනාෂා ජීවත් වන්නේ ඇගේ මව සමඟිනුයි.

ඒ කියන්නේ රොෂානා නානායක්කාර සමඟිනු යි. ඒ වුණත් තවමත් මෙනාෂා ගේ පියා වන මනූෂ නානායක්කාරගෙන් පියෙකු විදියට යුතුකම් ඉටු වෙනවා කියලයි මෙනාෂා කියන්නේ.

ඔන්න ඉතින් රොෂානා තම දියණිය මෙනාෂා සමඟින් ගත් අපූරු ඡායාරූපයන් පෙළක්ම සමාජ මාධ්‍යයන් ඔස්සේ හුවමාර වී තිබෙනවා.

ඉතින් ඒ අතර පහුගිය වසරේ දි ඇගේ උපන් දිනය දවසේ ගත් අපූරු ඡායාරූපයන් සහ තම මව වන රොෂානා සමඟින් මෙනාෂා ගත් අපූරු ඡායාරූපයන් ද වනවා.

මේ දවස්වල හැමෝගේම කථාබහට ලක්වන්නේ අන්න ඒ පිළිබඳවයි. මේ වන විට රොෂානා ඇගේ දියණිය මෙනාෂා නානායක්කාර සමඟින් සතුටින් නිදහසේ ජීවත් වන අතර,

රොෂානා කියන්නේ අපේ රටේ අති දක්ෂ කලාකාරිනියක වන අතර, ඒ ඇගේ වූ ප්‍රතිභාපූර්ණ රංගන කෞෂල්‍යතාවයන් නිසාවෙනි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button