උණුසුම් පුවත්ගොසිප් පුවත්

තරුණයන් වශී කරගත් උදයන්තිගේ අලුත්ම පෙනුම හොලිවුඩ් නිළියක් වගේ

උදයන්ති කුලතුංග කියලා කියන්නේ කලක් නිර්මාණයන් තුළින් නිතර නිතර දක්නට ලැබුණු, කලා ක්ෂේත්‍රයට නැතිවම බැරි වූ ,ප්‍රේක්ෂක ආදරය ඉතා ඉහළින් දිනා සිටින රංගන ශිල්පිනියක් කිව්වොත් නිවැරදියි.

මේ දිනවල නිර්මාණයන් තුළින් වැඩිය දක්නට නොලැබෙන ඇය විවාහයත් සමඟ රංගනයෙන් මදක් ඈත්ව ඇති බවයි අපට දැනගන්න ලැබුණේ.

විවාහ නොවී තනිකඩ දිවියක් ගත කිරීමට තීරණය කර තිබුනත් හදිසියේම පසුගිය කොවිඩ් සමයේ විවාහ දිවියට ඇතුළත් වන සුරූපී රංගන ශිල්පිනී උදයන්ති කියා සිටියේ ඔහු ඇයගේ මිතුරකුගේ මාර්ගයෙන් හඳුනා ගත් තරුණයෙකු බවත්,

වෘත්තියෙන් නීතිඥවරයෙකු වන ඔහු නමින් අකිල ජයසුන්දර බවත්, ඔහු ඉතා නිහතමානී සුන්දර හදවතක් හිමි ඇයව තේරුම් ගත් සැමියකු බවයි.

ටෙලි නිර්මාණ, සිනමා නිර්මාණ, ගීත රූප රචනා රාශියක් හරහා ප්‍රේක්ෂක ආදරය ඉතා ඉහළින් දිනා සිටින ඇයව

මේ දිනවල නිර්මාණයන් තුළින් වැඩිය දක්නට නොලැබුණත් ප්‍රේක්ෂක හදවත් තුළින් කිසිදා නොමැකෙන ලෙස ඇයගේ රුව සටහන් වී තිබෙන්නේ

ඇයගේ ඇති දක්ෂතාවය මෙන් ම නිහතමානී ගති පැවතුම් හා සුරූපී රුව නිසා කිව්වොත් ඔබත් එය පිළිගනු ඇති.

ඒ වගේම තම බාහිර පෙනුම, විලාසිතාවන් පිළිබඳව සැලකිලිමත් වන රංගන ශිල්පිනියක වන ඇය පිළිබඳව මේ වන විට නිතර කතා බහට ලක්ව තිබෙන්නේ මීට දින දෙක තුනකට ඉහතදී ඇය විසින් සිදු කරගෙන තිබූ නවතම කොන්ඩ විලාසිතාව නිසයි.

වෙනස්ම ආකාරයේ කෙටි, සුන්දර කොණ්ඩා විලාසිතාවකින් සැරසී සිටි ඇයගේ සුන්දරත්වය ඉන් තව තවත් වැඩි වී ඇති බව නම් නොරහසක්.

ජනප්‍රිය රූපලාවන්‍යාගාරයක් වන “salon liyo” ආයතනයේ දක්ෂ රූපලාවන්‍ය ශිල්පියකු වන දනුෂ්ක චතුරංග විසින් මෙම සුන්දර කොණ්ඩ විලාසිතාව ඇය වෙනුවෙන් සිදු කර තිබූ අතර,

ඔබ මින් පෙර කිසි දිනෙක නොදුටු ඇයගේ නවතම කොණ්ඩා විලාසිතාවේ ඡායාරූපයන් ඇයට ආදරය කරන ඔබ වෙනුවෙන් රැගෙන එන්න අපි සිතුවා.

ඉතින් එහි සුන්දරත්වය නරඹන බොහෝ තරුණියන් ඇයව අනුකරණය කර ඇය මෙන් තම සුන්දරත්වය වැඩි කර ගැනීමට එවැනි සුන්දර කොන්ඩ විලාසිතාවක් කිරීමට පෙළඹෙනු නොඅනුමානයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button