අහුලගත්ත ගොසිප්

ගෙදර ඉන්න විදිහ වීඩියෝ කරලා ටික් ටෝක් වලින් තරුවක් වුන ලක්ෂිකා

ඔන්න අද අපි කථා කරන්නට යන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ ජනප්‍රියත්වයක් ලැබූ තරුණියක් ගැනයි. ඇය ටික් ටොක් තරුවක් කිවුවොත් නම් නිවැරදි යි.

ලක්ෂිකා සෂිනි හිටිබණ්ඩාර නම් ඇය අද වෙද්දී බොහෝ ප්‍රේක්ෂක පිරිසකගේ ආදරණීය ටික් ටොක් තරුවක් වී හමාර ය. ඉතින් සෂිනි කියනවා,“කො’ විඩ් එකත් එක්ක ඇති වුණු දෙයක් හින්දා තමයි අපි ටික් ටොක් කරන්න හිතුවේ.

මොකද ඒ කාලේ හැමෝම ගෙවල් වලට හිරවෙලානේ ඉන්නේ. ඉතින් අපේ වීඩියෝස් වුණත් කො’ විඩ් සිටුවේෂන් එකේ දී තමයි ප්‍රසිද්ධ වුණේ.

ඉතින් මාධ්‍ය වුණත් හරි විදියට භාවිතයේ යෙදනවා නම් ඒක අපිට කොච්චර නම් වටිනවා ද? කියලා හිතෙනවා. ජීවිතේට ආර්ථිකයට මනසට ලොකු වටිනාකමක් ලබා ගන්නට පුලුවන්. ඉතින් අපි හැමදේකම අවබෝධයකින් ඉන්න ඕනේ” කියලත් ය.

කොහොම නමුත් මේ වනකම්ම ටික් ටොක් වලින් සෂිනිලා කිසිම මුදලක් උපයාගෙන නැති අතර, ඉතින් සෂිනි කියනවා, “අපේ සතුට පවතින්නේ අපේ වීඩියෝස් නරඹන පිරිස මතයි.

ඒ වගේම අපිට ලැබිලා තියන ජනප්‍රියත්වයත් එක්ක බොහෝ නිෂ්පාදන ආයතන විසින් අපිට කථා කරනවා වගේම ඒ ආයතන වලින් අපිට තෑගි බෝගත් දෙනවා.

හැබැයි එහෙම ලැබෙන්නේ ඒ ආයතන වලින් විතරයි. එහෙම ඇරෙන්න අපි තවමත් සමාජ මාධ්‍ය ටික් ටොක් වලින් නම් කිසිම ඉපයීමක් කරලා නෑ” කියලත් ය.

සෂිනි ටික් ටොක් කරන්නේ ඇගේ ආදරණීයයන් සමඟිනු යි. ඒ කියන්නේ සෂිනිගේ ආදරණීය සැමියා සහ නැඟණියන් දෙදෙනා සමඟිනු යි.

සෂිනි ජීවිතේ ගත කරන්නේ හරිම විනෝදෙන්. ඉතින් ඇය හා ඇගේ ආදරණීයයන් එදිනෙදා ජීවිතේ ගෙවන විදිය තමයි ඔවුන් විසින් ටික් ටොක් සඳහා තෝරා ගන්නේ. ඉතින් සෂිනි කියනවා මෙන්න මේ වගේ හරි අපූරු කථාවක්.

“අපේ ටික් ටොක් වීඩියෝ මිලියන ගාණක් ප්‍රේක්ෂකයින් නරඹලා තියනවා. කෙනෙක්ව හිනස්සනවා කියන්නේ අභියෝගයක්. අපි කරන වීඩියෝ සැලසුමකින් තොරවයි කරන්නේ.

මුලින් කරපු වීඩියෝත් එහෙමයි. අපි ජොලියට වගේ කරපු දේ හැමෝම අතරේ ජනප්‍රිය වුණා. අපි ටික් ටොක් කරලා හරිම වින්දනයක් ලබනවා.

ඉතින් අපේ වීඩියෝස් ගැන ගොඩාක් දෙනෙක්ගේ කථා බහට ලක්වෙලා තියනවා”, කියලත් ය. “ඉතින් ඔන්න ඔය අතරේ අපිට බනින පිරිසකුත් ඉන්නවා.

සමහර අය කියනවා අපිව පේන්න බෑ. ගොන් වැඩ කරනවා කියලා අපිට බනිනවා. ඒත් ඉතින් සමහර කමෙන්ට්ස් කියවද්දී අපිට හරි ජොලි. මොකද ඒ බැන්නත් බනින්නේ, අපේ වීඩියෝස් බලලානේ.

එවන හැම කමෙන්ට් එකකටම මම රිප්ලයි කරන්නත් අමතක කරන්නේ නෑ. ඉතින් ඔය අතරේ අපිව විශේෂයෙන් නරඹන පිරිසකුත් ඉන්නවා.

අපි සීරියස් වීඩියෝ එකක් කළත් හැමෝම බලන්නේ හිනවෙන්න තමයි ඉතින්. ඉතින් ගොඩක් දෙනෙක් කියන එකම දේ තමයි අපිව දකිනකොටත් හිනා යනවා කියලා” අන්න ඒ විදියට සෂිනි හරිම නිහතමානිවයි කියන්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button