අහුලගත්ත ගොසිප්තරු ගොසිප්

වයසට ගියාමත් විලාසිතා කරන්න හිටන් ඉන්න අරුණි රාජපක්ෂ කියූ කතාව

ඇය රූප සුන්දරියකි. අපේ රටේ නාමය ලොවක් සුපතල කල සුරූපිනියකි. නිරූපිකාවක වන ඇය 2007 වසරේ ශ්‍රී ලංකා විශ්ව රූ රැජිණ කිරුළ පළදින්නට තරම් වාසනාවන්ත වූ ඇය නමින් අරුණි රාජපක්ෂ යි.

අරුණි දෙස් විදෙස් ජනතා ආදරයට ලක්වන්නේ ඇගේ වූ අපූරු රූප සම්පත්තිය නිසාවෙනි. අද වන විට ඇය නිවේදිකාවක ලෙස ද රංගන ශිල්පිනියක ලෙස ද කලාවත් සමඟ අත්වැල් බැඳගෙන කටයුතු කරන්නේ ඈ තුළ වූ අපූරු හැකියාවන් නිසාවෙනි.

අරුණි කියනව ඈ ගැන මෙන්න මේ වගේ හරි අපූරු කථාවක්. “මං පොඩි කාලේ ඉදන්ම තමයි ලස්සනට අදින්න පළඳින්න ආස කරන්නේ.

මොකද මගේ අම්මා කිවුවා මං මොන්ඩිසෝරි යද්දී ගවුමේ පාටටම මේස් ගැලපෙන්න දාන්න ඕනේ කියලා අඬනවාලු මං. පොඩි කාලේ කැට් වෝක් කරනවාලු උස අඩි සපත්තු දාගෙන මං.

ඒ වගේම වර්ථමානය වෙද්දී නම් මං ආස කරන්නේ මගේ විවාහ උත්සවයට සැරසුණු විදියට යි. නිරූපිකාවක විදියට කටයුතු කරද්දී මොන ඇඳුම ඇන්දත්, බොහෝ දෙනාගේ අගය කිරීමට ලක් වුණා මාව.

ඒ වගේම ඉතින් වයසට ගියාම රෙද්ද හැට්ටේ ඔසරිය ඇඳන් ඉන්න ඕනේ කියලා නියමයකුත් නෑ නේ. අපි ඒ කාලෙට ගැලපෙන විදියට අපිට ගැලපෙන විදියට විලාසිතා කළ යුතුයි කියලයි මගේ අදහස නම්”, කියලා.

මේ සොඳුරු රූ රැජින අරුණි අති දක්ෂ රංගන ශිල්පිනියක ලෙස ත් නිරූපිකාවක ලෙසත් ප්‍රේක්ෂක ආදරය දිනාගනිමින් ඈ තුළ වූ අපූරු හැකියාවන් පිළිඹිබු කර ඇති අතර,

අද වන විට ඇය ආදරණීය බිරිදක් මෙන්ම සෙනෙහෙබර මවක ද වනවා. අද වෙද්දී අරුණිගේ ලෝකය පිරී ඉතිරෙන්නේ ඇගේ මවකගේ මෙන්ම බිරිඳකගේ භූමිකාවන් මඟිනි.

ඒ වගේම විලාසිතා කියන්නේ අරුණි ආසම දෙයක්. ස්මාර්ට් විදියට ලස්සනට ගැලපෙන විදියට අදින්න පළඳින්න රුචිකත්වයක් දක්වන අරුණි අද වන විට මවක මෙන් බිරිඳක් විදියට ගෞරවය ආරක්ෂා වන ලෙසින් තමයි විලාසිතා වලට යොමු වන්නේ.

ඉස්සර තරුණ කාලේ දී නම් අරුණි නිරූපිකාවක් විදියටත් ගැලපෙන හැම ඇඳුමක්ම ඇඳලා තියනවාලු අරුණි. ඉතින් අරුණි කියනවා. “නිරූපිකාවක් කියන්නේ “හැගර්” එකක් වගේ කියලා.

මොන ඇඳුම් ඇන්දත් ගැලපෙනවා. නිරූපිකාවක විදියටත් නිවේදිකාවක විදියටත් වැඩ කරද්දී මං මට ආසම ඇදුම් තෝරාගත්තා සිරුරට ගැලපෙන විදියට.

හැබැයි අද වෙද්දි නම් විලාසිතා කරද්දි මූලිකත්වය දෙන්නේ, ස්වාමියාගෙයි දරුවො දෙන්නාගෙයි ගෞරවය ආරක්ෂා වෙන විදියට.

ඒ වගේම මං එංගලන්තේ වැඩි කාලයක් ඉන්න නිසා ඒ රටට ගැලපෙන විදියටත් මම විලාසිතා කරනවා. ඉතින් කාලය වයස දේශය අනුව විලාසිතාවන් වෙනස් වෙනවානේ”, කියලා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button