
සුන්දර මහියංගනය පුරවරයෙන් රංගන ක්ෂේත්‍රයට පිවිස ,මේ දිනවල බොහෝ දෙනෙක් ඉතා ආසාවෙන් නරඹන සිරස නාලිකාවේ විකාශය වන “නීල පබලු” ටෙලි නිර්මාණය හරහා මෙන්ම
ටෙළි නිර්මාණයන් ,ගීත රූප රචනා රාශියක් හරහා අප්‍රමාණ වූ රසික ආදරයක්, ආකර්ෂණයක් දිනා සිටින ඇය තමයි නව පරපුරේ සිටින අති දක්ෂ, සුරූපී ,ජනප්‍රිය, යොවුන් රංගන ශිල්පිනී ,නිරූපණ ශිල්පිණි පියුමි ශ්‍රීනායක කියලා කියන්නේ.
ඉතා චාම්, සරල ගති පැවතුම් ඇති සුන්දර යුවතියක වන පියුමි හට මෙතරම් ප්‍රේක්ෂක ආකර්ෂණයක් හිමි වීමට ප්‍රධානතම හේතුන් ලෙස ඇයගේ ඇති චාම් ගති පැවතුම් මෙන්ම රංගන දක්ෂතාවය, සුරූපී රුව හා නිරහංකාර කමද බෙහෙවින් ඉවහල් වී ඇති බව නම් නොරහසක්.
ඒ වගේම සමාජ මාධ්‍යන් තුල නිතර දක්නට ලැබෙන, කතාබහට ලක්වන රංගන ශිල්පිණියක වන පියුමි කියා සිටියේ ඇය සමාජ මාධ්‍යයන් භාවිතයට ඉතා ප්‍රියකරන බව හා වඩාත්ම ප්‍රිය intergram භාවිතයට බවයි.
instagram හරහා ෆලෝවර්ස්ලා විශාල ප්‍රමාණයකට හිමිකම් කියන ඇය ඒ හරහා තම සුන්දර ඡායාරූප රාශියක් ද ප්‍රේක්ෂකයින් හට දැක බලා ගැනීම සඳහා මුදාහැර තිබෙනවා.
ඒ වගේම මිතුරියන්ට වැඩිය මිතුරන් ඇසුරු කරන පියුමි කියා සිටියේ කාන්තාවක් තවත් කාන්තාවකට ඊර්ෂ්‍යා කරන බවත්, පිරිමි පුද්ගලයින් කිසිදා එලෙස සිදු නොකරන බැවින් ඇය මිතුරියන්ට වඩා මිතුරන් ඇසුරු කිරීමට ප්‍රිය කරන බවයි.
ඒ වගේම විලාසිතාවන් සඳහා වැඩි අවධානයක් යොමු කරන රංගන ශිල්පිනියක වන ඇය තමන්ට ගැළපෙන විවිධ වූ විලාසිතාවන් අත්හදා බැලීමට යොමු වන බවත්, තැනට සුදුසු විලාසිතා කිරීමට කැමැති බවත් පවසමින් ඇය කියා සිටියේ,
රංගන කටයුතුවලදී හැරෙන්නට සාමාන්‍ය ගමන් බිමන්, සාමාන්‍ය ජීවිතයේ ඇය මේකප් භාවිතා කිරීමට අකමැති බව හා සරල ලෙස ජීවත්වීමට වඩාත් කැමැති බවයි.
ඉතින් වර්තමානයේ බොහෝ තරුණයන්ගේ සිහින කුමරිය වන මේ අවිහිංසක ,සුරූපි, යොවුන් රංගන ශිල්පිනිය පියුමි ශ්‍රීනායක ගේ ඉදිරි ගමනට සුභ පැතුම් එක් කරමින් ඇයගේ සුන්දර ඡායාරූප එකතුවකුයි අපි අද ඔබ වෙත රැගෙන එන්න සිතුවේ.









