
සිදූ ටෙලි නිර්මාණය හරහා බොහෝ රසික ආදරය දිනා ගන්නා ඇය මේ වන විට ටෙලි නිර්මාණයන් රාශියක් හරහා තම රංගන කෞෂල්‍ය පෙන්වා තිබෙන රංගන ශිල්පිනියක් කිව්වොත් නිවැරදියි කිවුවොත් නිවැරදියි.
රංගනයට අමතරව මේ දිනවල නිවේදිකාවක ලෙස ද දස්කම් පෙන්වන ඇය තමයි දක්ෂ ජනප්‍රිය සුරූපි යොවුන් රංගන ශිල්පිනී හර්ෂි අංජුමාලා කියලා කියන්නේ නොබෝ දිනකින් තිරගතවීමට නියමිත මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතා විසින් අධ්‍යක්ෂණය කළ,
අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් නිෂ්පාදනය කළ “සහෝ”සිනමා පටයේ වෙනස් වූ චරිතයක් නිරූපණය කරන ඇය රංගනයට, නිවේදනයට මෙන්ම නර්තනයටද උපන් හපන්කම් පෙන්වන අති දක්ෂ තරුණියක් බව ඔබ අප කවුරුත් දන්නා කරුණක්.
කුඩා කල සිට ඇයට ඇති විවිධ වූ හැකියාවන් දැක ඒ සියල්ල ඔප මට්ටම් කිරීම සඳහා විවිධ වූ හැදෑරීම් වල්ට අමතර පන්ති සදහා යොමුකර ඇයට මෙතෙක් දුරක් පැමිණීම සඳහා වෙහෙස මහන්සි වී ඇත්තේ ඇයගේ ආදරණීය මෑණියන් විසින් බවයි ඇය කියා සිටියේ.
රත්නපුර ප්‍රදේශයේ උපත ලබා ඇති හර්ෂි රංගනය සඳහා කොළඹ පැමිණීමේ දී ඇයගේ මව සෙවනැල්ලක් සේ ඇය පසුපස සිට ඇති අතර ඇයගේ ගමන වැළැක්වීමට බොහෝ දෙනා “ළමයට උගන්වන්නේ නැතුව ළමයවත් ඉස්සර කරන් නටවන්න එක්කන් යනවා” වැනි විවිධ වූ කථා පවසා ඇති අතර,
ඒ කිසිවකින් නොසැලී මවගේ සවියෙන් ඇය මෙතෙක් ආ ගමන දෙස ආපසු හැරී බලන විට ඇය තම අරමුණ ජය ගෙන ඇති බව කිව හැකියි.
ඒ වගේම තව නොබෝ දිනකින් විවාහ විවාහවීමට නියමිත හරිෂි ට තම අනාගත සහකරු හමු වී ඇත්තේද ඉතා අහඹු සිදුවීමකින්, රූ ගතකිරීමක් අතරතුර සිදු වූ විවාහ යෝජනාවකින් බවයි අපට දැනගන්න ලැබුණේ.
ඔහු ඕස්ට්‍රේලියාවේ සිටින තරුණයකු වන අතර ඇය “නොමැකෙන මතක” ටෙලි නිර්මාණයෙහි රූගත කිරීම් සඳහා සහභාගීව සිටි අවස්ථාවේ රූගත කිරීම් සඳහා යොදාගත් නිවසේ හිමිකරු එම තරුණයාගේ මිත්තණියගේ බැවින් එම අවස්ථාවේ ඇය හර්ෂි ව දැක එම මිත්තණිය විසින් හර්ෂිගේ මව හට විවාහ යෝජනාව රැගෙනවිත් ඇති බවත්,
පසුව ඔවුන් සියලු දෙනා එම යෝජනාවට කැමැති ව ඇති අතර මීට පෙර ඔවුන් විවාහවීමට සිටියත් කොවිඩ් නිසා එය කල් ගිය බව පවසමින් හර්ෂි කියා සිටියේ විවාහයෙන් පසු ඇයද ඕස්ට්‍රේලියාවේ පදිංචියට යන බවයි.
ඉතින් බොහෝ ප්‍රේක්ෂකයින් ආදරේ කරන මේ සුරූපී, යොවුන් රංගන ශිල්පිනී හර්ෂිගේ ඉදිරි ගමනට අපි ද ඇයට සුබ ප්‍රාර්ථනා එක කර සිටිනවා.








