අහුලගත්ත ගොසිප්ගොසිප් පුවත්

දෙවෙනි ඉනිමේ ශලනි ලස්සන මනාලියක් වෙයි

දෙරණ අවුරුදු කුමරිය තරගයේ ප්‍රථම ස්ථානයේ කිරුළ දිනා ගනිමින් රංගන ක්ෂේත්‍රයට පා තබා මේ වන විට අතිවිශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගනිමින්

රංගන ක්ෂේත්‍රය තුළ සාර්ථක ගමනක් පැමිණ තිබෙන ඇය මේ දිනවල වඩාත් ජනප්‍රිය ටෙලි නිර්මාණයක් වන “දෙවනි ඉනිම” ටෙලි නිර්මාණයෙ “ලිහිණි” එහෙමත් නැත්නම් “චූටි මැණිකේ” නම් චරිතය නිරූපණය කරන අතර

ඊට අමතරව “ලොක්කි” ටෙලි නිර්මාණයේ ද ප්‍රධාන චරිතය නිරූපණය කිරීමේ වාසනාව උදාකර ගන්නා ඇය අතිදක්ෂ, ජනප්‍රිය, සුරූපී, යොවුන්, නවක රංගන ශිල්පිනී ශලිනි ප්‍රනාන්දු යි.

1999 වර්ෂයේ සැප්තැම්බර් මස 11 වැනි දින මීගමුව ප්‍රදේශයේ දී මෙලොව එළිය දකින ඇය මේ වන විට 23 හැවිරිදි වියේ පසුවන සුන්දර තරුණියක් වන ඇය අධ්‍යාපනය ලබා ඇත්තේ මීගමුව ශාන්ත නිකොලා ජාත්‍යන්තර පාසලෙන් වන අතර,

කුඩා කල සිට රංගනයට මෙන්ම අධ්‍යාපනයටද දක්ෂතා ඇති තැනැත්තියක වන ඇය උසස් පෙළ සඳහා හදාරා ඇත්තේ වාණිජ විෂය ධාරාවෙන් බවයි කියා සිටියේ.

මේ වන විට රංගනයට අමතරව මෝස්තර නිර්මාණකරණය පිළිබඳව හදාරන ඇය සමාජ මාධ්‍යයන් තුළ නිතර දක්නට ලැබෙන, කතාබහට ලක්වන, බොහෝ දෙනාගේ ආදරේ දිනා සිටින නව පරපුරේ රංගන ශිල්පිනියක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්.

වර්තමානයේ කලා ක්ෂේත්‍රයට බිහි වූ නවක රංගන ශිල්පිනියන් අතර සිටින ඉතා අවිහිංසක, චාම්, සරල රංගන ශිල්පිනියක වන ශලිනි හට තරුණ ආකර්ෂණය වැඩි වශයෙන් යොමුව තිබෙන්නේ ඇයගේ ඇති චාම් ,සරල සරලකමට කිව්වොත් ඔබත් පිළිගනු ඇති.

ඉතිං නිරන්තරයෙන් දක්නට ලැබෙන ඇයගේ ඡායාරූපයන් අතර වෙනස් විදිහෙ ඡායාරූප පෙළක් අපට දක්නට ලැබුනා. ඒ ඉකුත් දිනක අශාන් ජයවීර නම් තරුණයා හා ශලිනි එක්ව නිරූපණය කර තිබූ wedding photo shoot එකක ඡායාරූප පෙළකුයි.

සරල චාම් ගවුම් විලාසිතාවන්ගෙන් නිතර දක්නට ලැබුණි ඇය උඩරට මනාලියක ලෙස හැඩ ගැන්ව තිබූ එම ඡායාරූප එකතුවට ඔබත් ප්‍රිය වනවා නො අනුමානයි.

මෙලෙසට ඔවුන්ගේ සුන්දරත්වය තවත් වැඩි වන ලෙස කලාත්මක අයුරින් කැමරා කාචයට හසුකර ගෙන තිබුණේ අති දක්ෂ, ජනප්‍රිය කැමරා කරන ශිල්පයෙන් ඉහළ පෙළේ නමක් දිනා සිටින කැමරා කරන ශිල්පී සමිත් චතුරංග විසිනුයි.

ඉතින් ඇයට ආදරය කරන සුවහසක් ඔබ වෙනුවෙන් මින් පෙර දැක නැති ඇයගේ උඩරට මනාලියක ලෙස සැරසී සිටින එම ඡායාරූප පෙළ යි අපි අද ඔබ වෙත රැගෙන ආවේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button