අහුලගත්ත ගොසිප්ගොසිප් පුවත්

නවීන් මොනවා කරත් ඒ හැම එකම මට අහු වෙනවා හංසිනී කීව කතාව

2017 වර්ෂයේ දෙරණ “ඩ්‍රීම්  ස්ටාර්” ගායන තරගාවලිය හරහා බිහිව මේ වන විට ගායනයෙන් මෙන්ම රංගනයෙන් ද දස්කම් පාන ඇය මේ දිනවල වඩාත් ජනප්රිය ටෙලි නිර්මාණයක් වන දෙරණ නාලිකාවේ විකාශය වන

“සංගීතේ” ටෙලි නිර්මාණය හරහා ඔබගේ ආලින්දයට පැමිණෙන ඇය ඇත දක්ෂ ,ජනප්රිය ,සුරූපී ,නවක රංගන ශිල්පිනී හංසිනී විමල්සිරි.

1993 වසරේ දෙසැම්බර් 23 වන දින වැඩිමල් සොහොයුරන් තිදෙනකු ගේ කුඩා නැගණිය ලෙස මෙලොව එළිය දැක බොහෝ දෙනාගේ ආදරය මධ්යයේ තම දිවි ගමන ආරම්භ කර තිබෙන ඇය පවසන්නේ

කුඩා කාලයේ සිට සෑම වසරකම ඇයගේ ජන්ම දිනය දා විශේෂ සාදයක් පවුලේ සාමාජිකයින් විසින් සූදානම් කර පවත්වනු ලබන බවත් ,මෑතක සිට ඇය සිය ජන්ම දිනය පින්දහම් වැඩ කටයුතු සිදු කිරීමට යොදා ගන්නා බවයි.

එලෙස මේ වන විට බොහෝ දානමය පිංකම් සිදුකර ඇති හංසිනී ඊට අමතරව අනාත නිවාස වල සිටින කුඩා දරුවන්, ආබාධිත දරුවන් වෙනුවෙන් ද තම කාලය වෙන් කරන බවයි කියා සිටියේ.

සහෝදරයින් තිදෙනෙකු හා ඇය අතර විශාල වයස් පරතරයක් ඇති බැවින් කුඩා කල සිට ඇයට ඔවුන්ගේ ආදරය ,රැකවරණය පියාගේ ආදරය, රැකවරණය ට නොදෙවෙනිව දැනුන බවත්,

ඇයගේ මව සහ පියා රජයේ රැකියාවන් හි නියුතු පුද්ගලයින් බැවින් ඇයගේ උපතත් සමඟ ඇයව රැකබලා ගැනීමේ අරමුණින් පියා පොලිස් සේවයෙන් ද ඉවත් ව ඇති බවයි කියා සිටියේ.

මේ වන විට සුන්දර යුග දිවියක් ගත කරන හංසිනී ගේ අතිනත ගැනීමේ වාසනාව උදාකර ගන්නේ බොහෝ ප්රේක්ෂක ආදරය දිනා සිටින කලාව හා සම්බන්ධ තරුණයකු වන නවීන් දිල්ෂාන් සමඟයි.

ඔවුන් දෙදෙනාගේ මුණගැසීමට මේ වන විට වසර 4කට ආසන්න කාලයක් ගතව ඇති අතර මේ වෙද්දි ඔවුන් ඇය මෙන්ම සුන්දර පුංචි සුරතලියකගේ මව් පිය පදවිය ද ලබා තිබෙන්නේ පුංචි කැදැල්ලේ සතුට දෙගුණ තෙගුණ කරමිනුයි.

ඉතින් ඔවුන් දෙදෙනා එක්ව ගොඩනැගූ කැදැල්ලේ ද සෑම වසරකම එකිනෙකාගේ උපන්දින සාද පැවැත්වෙන බවත්, හන්සනී නොවරදවාම ඔහුගේ උපන් දිනයදාට පුදුම කිරීමක් සූදානම් කරන බවත්,

ඔහුට කිසිදා ඇයට හොරෙන් එවැන්නක් සූදානම් කිරීමට නොහැකි වන බවයි හංසිනී කියා සිටීයේ. ඉතින් පසුගිය දිනක ජන්ම දින සැමරුම් ඔබ ආප කවුරුත් බෙහෙවින් ආදරය කරන ජනප්රිය රංගන, ගායන ශිල්පිනී හංසිනී විමල්සිරි ට සුභ පැතුම් එක්කර සිටින්නත් අපි අමතක කරන්නේ නැහැ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button