උණුසුම් පුවත්ගොසිප් පුවත්තරු ගොසිප්දේශිය පුවත්

මේ දවස් වල හැමෝම ආදරේ කරන සකර්ම ටෙලි නාට්‍යයේ සුමාලි කියූ කතාව

අපි හැමෝම ආදරයෙන් නරඹන ටෙලි නට්‍යයක්නේ මේ දවස්වල විකාශනය වන“සකර්ම” කියන්නේ. අන්න ඒකේ “සුමාලි” විදියට හරි අපූරුවට රංගනයේ යෙදෙන ආදරණීය කලාකාරිනිය තමයි, දක්ෂ නිරූපිකාවක් රූ රැජිනක් ලෙසින්ද ප්‍රේක්ෂකයන්ගේ සිත් වසඟයට ගත්, ශ්‍රීමාලි කියලා කියන්නේ.

ඔන්න ඉතින් විවාහක රූ රැජින තරඟයේ රූ රැජින සම්මානය පවා හිමි කරගන්නට වරම් ලැබූ ආදරණීය දක්ෂ කලාකාරිනියනක වන ශ්‍රීමාලිට, ආදරණීය දියණියක් ඉන්න අතර ඇය ඉතින් මේ වෙද්දී ඕලෙවල් විභාගයට පෙනී ඉදලා තියෙනවා වගේම, ඇගේ අනාගත බලාපොරොත්තුව නම් නීතීඥවරියක වෙන එකලු.

ඔන්න ඉතින් ටෙලි නාට්‍යයන් වලට විතරක් නෙවෙයි, ටීවි කමර්ෂල් වලට එහෙමත් ශ්‍රීමාලි පෙනී ඉදල තියනවා. “රාවණා, ඉස්සරහට යන්න, ටී-20, තනමල්විවල කොල්ලෙක්” වාගේ ලස්සන නිර්මාණයන් වලටත් ශ්‍රීමාලි රංගනයෙන් හරි අපූරුවට දායක වෙල තියනවා වගේම, ඇය මේ දවස්වල “සකර්ම” ටෙලි නාට්‍යයේ “සුමාලි” විදියට හරි අපූරුවට රංගනයේ යෙදෙනවා.

ඉතින් ශ්‍රීමාලිට ආදරණීය ප්‍රේක්ෂකයෝ අතරට යන්නට, “සකර්ම” ටෙලි සිත්තම උපකාරි වෙලා තියනවා. ඉතින් “සකර්ම” එකේ රූගත කිරීම් එක්ක මේ දවස්වල ටිකක් කාර්යබහුලයිලු ශ්‍රීමාලි නම්.

ඉතින් “සකර්ම” එකේ “සුමාලි” කියන්නේ, “ගැමි ජීවිතයක් ගත කරන සැමියා නොමැතිව තම ආදරණීය දරුවාව හදාවඩා ගනිමින් පොළවේ පය ගහලා ජීවත් වෙන චරිතයක් කියලත්, ඒ වුණත් “සුමාලි” “ශ්‍රීමාලි” කියන්නේ නම් චරිත දෙකක් මොකද “ශ්‍රීමාලි” කියන්නේ කොළඹ සුවපහසුවට හැදුණු වැඩුණු සැපවත් ජීවිතයක් ගත කරන චරිතයක්” කියලත්,

පළවෙනි වතාවට තමයි මේ වගේ චරිතයක් කරන්නේ කියලත්, ඉතින් “සුමාලි චරිතය” හරහා ඇයට කවදාවත් ජීවිතේ අත්නොවින්ද දෙයක් ඒ කියන්නේ “දර මිටියක් ඔළුවේ තියන්න යන සීන් එකක්” කරන්න අවස්ථාවකුත් ලැබුණ” කියලත්, ශ්‍රීමාලි හරි අපූරුවට තමයි කියන්නේ නම්.

හරි අපූරුවට නිරූපණය කරන ශ්‍රීමාලි රූපලාවන්‍ය ශිල්පිනියක විදියටත් කටයුතු කරලා තිබෙන අතර දැන් නම් ඇය ඒකෙන් තරමක් ඈත් වෙලා තියනවා.

ඒ වුණත් ඇඳුම් විලාසිතාවලට එහෙම ශ්‍රීමාලි හරි හරියට දස්කම් පානවාලු. ඔන්න ඉතින් ගෘහනියකට වඩා හොඳ මවක් විදියට ඇය හඳුන්වනවාට කැමති ශ්‍රීමාලි සුහද චරිතයක් නිහතමානි චරිතයක් වගේම, ඇය ආදරේ දකින්නේ හැම කෙනෙකුටම ඕන කරන සුන්දර අවශ්‍යතාවයක් විදියටලු.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button