අහුලගත්ත ගොසිප්ගොසිප් පුවත්

“සෑම මොහොතක්ම විඳින්න කැමැති කෙනෙක්” නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ දියෝගබදු කියපු කතාව

විශාල ප්‍රේක්ෂක පිරිසක් ඇඳ බැඳ තබාගැනීමට ගැනීමට සමත් වූ සම්මානය නාලිකාවේ මේ දිනවල විකාශය වන සුවිශේෂී ටෙලි නාට්‍යයක් වශයෙන් නාඩගම්කරයෝ ටෙලි නාට්‍ය හදුන්වන්නට පුළුවන.

පොලිස් බේධයකින් තොරව බොහෝ දෙනෙකු නරඹන මේ සුවිශේෂී තිබෙනවා නාට්‍ය තුළ ප්‍රවීණ රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් ට අමතරව අලුත් මුහුණු ගණනාවක් දැක ගැනීමට හැකි වනවා.

රංගනයට අලුත් නවක රංගන ශිල්පීන් සහ ශිල්පීන් ගණනාවක් මෙහි දී විවිධ චරිත නිරූපණය සිදුකරනු ලබන අතර එකිනෙකට වෙනස් වූ මෙම චරිත ප්‍රේක්ෂකයාගේ අවධානයට සහ ආදරයට පාත්‍ර වීමට එතරම් කාලයක් ගත නොවුනේ එම නවක රංගන ශිල්පීන්ට සහ ශිල්පිනියන්ට ලැබුණු චරිත වලට ඔවුන් උපරිම සාධාරණයක් ඉටු කිරීම නිසයි.

නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යය තුළ දැක ගැනීමට හැකි මේ දිනවල කාගේත් අවධානයට යොමු වූ සුන්දර චරිතයක් ලෙස දියෝගබදු ගේ චරිතය හඳුන්වන්නට පුළුවන් මොහුගේ සැබෑ නම වන්නේ මනූජ ජයකොඩි යි.

උසස් පෙළ අධ්‍යාපන කටයුතුවලින් පසු සද්ධා සද්ධාමංගල සූරියබණ්ඩාර මහතාගේ ඇකඩමියේ රංගන කටයුතු පිළිබඳ හැදෑරීම නිසා ඔහුට මෙම ටෙලි නාට්‍යය තුළ චරිත නිරූපණය කිරීම සඳහා අවස්ථා උදාවනවා.

ඒ අනුව ඔහුට නාඩගම්කරයෝ ටෙලිනාට්‍ය තුළ දියෝගබදුගේ චරිතය නිරූපණය කිරීමට හිමිවන අවස්ථාව ඔහුගේ ජීවිතයේ සුවිශේෂී අවස්ථාවක් බවට පත්වුණා.

එම චරිතය තුළ කාගේත් අවධානයට යොමුවන ලෙස චරිතයට ගැළපෙන ගැළපෙන ලෙස වෙනස්ම ආකාරයේ කතා විලාසයක් නිරූපණය කරන නිසා ඔහුට මේ දිනවල බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබෙනවා.

ආත්මාරක්ෂක සටන් ශිල්පය හදාරන මොහු කරාටේ ක්‍රීඩාව සඳහා දක්ෂයකු ද වේ. නවක රංගන ශිල්පියකු වශයෙන් රංගන ක්ෂේත්‍රයට පිවිසීම මොහූ ඉතාමත් කෙටි කාලයක් තුළදී ලබාගත් මෙම ජනප්‍රියත්වය,

ඉදිරියේ දී ඔහුගේ රංගන කටයුතු තව තවත් සාර්ථක කර ගනිමින් අපේ රටේ දක්ෂ රංගන ශිල්පියෙකු බවට පත්වීමට ඔහුට අවස්ථාව උදාවේවා යැයි ප්‍රේක්ෂක අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button