
2019 අවුරුදු කුමරි තරඟයට තරඟ වැඳී අවසන් 12 දෙනා අතරට තේරී පත් වුණු ඇයට, ඇගේ පුංචි කාලේ ඉදන් තිබුණු හීනේ තමයි රංගන ශිල්පිනියක වෙන එක.
ඉතින් ඒ සුන්දර හීනේ යථාර්තයක් කරගත් ඇය තමයි, මේ වෙද්දී විශාල පේක්ෂකාදරයක් ලබා සිටින ජනප්‍රිය සුරූපී රංගන ශිල්පිනිය නිත්‍යා දේවින්දී. නිත්‍යා කියන්නේ මේ වෙද්දී හැමෝගේම ආදරේ දිනාගෙන ඉන්න සුන්දර චරිතයක් වාගේම ඇය කා අතරත් හිත හොඳ චරිතයක් බවට පත් වී හමාරය.
නිත්‍යා ඇය අවුරුදු කුමරියක් වෙයි කියලා කවමදාවකවත් හිතුවේ නෑ ලු. ඉතින් ඒ වාගේම මුළු රටක් ආදරය කරන මුළු රටක් දන්න කියන චරිතයක් වන්නට ඇයට හැකි වෙයි කියලත් නිත්‍යා කවමදාවකවත් හිතුවේ නෑ ලු.
නිත්‍යා කියල කියන්නේ වැඩිය විලසිතා කරන්නේ නැති කෙනෙක්. ඉතින් නිත්‍යා ඇය ගැන මෙන්න මෙහෙමයි කියන්නේ, “මං වැඩිය විලාසිතා කරන්නට කැමති නෑ.
අතට අහුවෙන සරල ඇඳුමක් අඳිනවා. සරලව ජීවත් වෙන්න තමයි හරීම ආස. ගෙදර දී එහෙම මොකක් හරි රෙදි කෑල්ලක් ඇදන් ඉන්නේ. ඉතින් අම්මා බයිනවා මට, දැන්වත් හොඳට ලස්සනට අඳින්න පළඳින්න කියලා.
ඒත් ඉතින් මන් එහෙම ලොකුවට කැපී පෙනෙන්න අඳින්න පළඳින්න කොහෙත්ම කැමති නෑ. සරල කමට අපේ කමට චාම් බවට මං හරි කැමතියි වාගේම මං ඒ දේවල් වලට ගරු කරන්නේ හදවතින්ම යි” කියලත් ය.
නිත්‍යා මේ දවස්වල හරි අපූරුවට රංගනයෙන් දායක වන චරිතයක් තමයි, “පාර දිගේ” ටෙලි නාට්‍යයේ “රුවිනි අළුවිහාරේ” ගේ චරිතය. ජයප්‍රකාශ් සිවගුරුනාදන් තමයි “පාර දිගේ” අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ.

ඉතින් නිත්‍යා කියනවා,
“ඇය අපූරුවට රඟපාන “රුවිනි” චරිතයට මාර විදියට ඇගේ ආදරණීය ප්‍රේක්ෂකයින්ගෙන් ප්‍රතිචාර ලැබෙනවා කියලත්, ඉතින් ඒ හින්දා හිතට මාර විදියට සතුටක් දැනෙනවා.
මෙතෙක් රඟපෑ නාට්‍යන් අතරේ “පාර දිගේ” නාට්‍යය සුවිශේෂි නාට්‍යක් වනවා කියලත්, මොකද “පාර දිගේ” යන ගමනින් රංගන ජීවිතයට ගොඩක් දේවල් එකතු කර ගන්නට හැකියාව ලැබුණා වගේම,
විශේෂයෙන්ම ප්‍රවීන රංගන ශිල්පීන් රැසක් සමඟම රඟපාන්න ලැබීම ගැන හිතට දැනෙන්නේ පුදුමාකාර සතුටක්. ඉදිරියේදී ත් හොඳ කලා නිර්මාණ වලින් ආදරණීය ප්‍රේක්ෂකයින් හමුවට එන්නට බලාපොරොත්තුවෙන් ඉන්නවා” කියලත් ය.








