අහුලගත්ත ගොසිප්තරු ගොසිප්

“මං කවදා බදීවි ද කියලා කියන්න බෑ” හුරතල් ප්‍රියසාද් දෝනි කීව කතාව

කලා ලෝකයේ බොහෝ දෙනෙක්ගේ ආදරයට පාත්‍ර වුණු කලා පවුලක් තමයි ප්‍රියසාද් පවුල කියන්නේ. ඉතින් කාලෙන් කාලෙට රසබර හරබර කථාවන්ට ලක්වන ප්‍රියසාද් පවුලට ඉන්නේ, ආදරණීය දැරියන්ම තිදෙනක් කියලා ඔයාලා දන්නවානේ.

ඉතින් මේ ආදරණීය දියණිවරුන් තිදෙනාගෙන් මේ වන විට දෙදෙනෙක්ම, කලාවට සම්බන්ධකමක් දක්වන අයත් සමඟින් විවාහ වී සිටින අතර,

ප්‍රියසාද් පවුලේ දැනට ඉන්න තනිකඩ දඟකාරිය තමයි, හැමෝගේම ආදරය දිනාගත් ජනප්‍රිය රංගන ශිල්පිනියක මෙන්ම නර්ථන ශිල්පිනියක ද වන “ශනුද්‍රි ප්‍රියසාද්” කියලා කියන්නේ.

ශනුද්‍රි ඇගේ කුඩා කාලයේ පටන්ම කමයි කලාවත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඔන්න ඉතින් හැමෝම හරිම ආදරයෙන් නරඹන දෙරණ නාලිකාව මඟින් විකශනය වන,

“දෙවනි ඉනිම” ටෙලි නාට්‍යයේ “සමල්කා” ගේ චරිතයට හරි අපූරුවට පන පෙවූ ශනුද්‍රිට, ඒ චරිතය වෙනුවෙන් හරි හරියට ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබිල තියනවා වගේම, දීර්ඝ කාලයක් තිස්සේ “දෙවනි ඉනිම”ත් සමඟ සම්බන්ධ වී සිටි ශනුද්‍රි පසුව ඒකෙන් අයින් වෙනවා.

ඉතින් ඊට පස්සේ ශනුද්‍රි විවිධ ටෙලි නාට්‍යයන් හි හරි අපූරුවට රංගනයේ යෙදෙන නමුත් ඒ නාට්‍යයන් නම්, “දෙවනි ඉනිම” තරම් කා අතරත් වැඩිය ප්‍රසිද්ධියට පත්වන්නේ නෑ.

ඔන්න ඉතින් ශනුද්‍රි, ක්‍රිස්මස් එකට හරිම ආසයි ලු. ඉතින් ශනුද්‍රි වැඩියෙන්ම සතුටු වෙන කාලේ තමයි ක්‍රිස්මස් කාලේ. ඔන්න ඉතින් ශනුද්‍රි මෙන්න මේ වගේ හරි අපූරු කථාවක් තමයි කියන්නේ, “නත්තල් කාලේට සැරසිලි කරන්න හරිම ආසයි.

ඒ අතර නත්තල් ගස් හදන්න එහෙම ගොඩාක් ආසයි. මම ජේසුස් වහන්සේගේ පින්තූරයක් මගේ බෑග් එකේ තියන් ඉන්නවා. ඒ වගේම අපේ පවුලේ 5දෙනාගේම පින්තූරයකුත් තියන් ඉන්නවා” කියලා.

ඉතින් ඒ වගේම ශනුද්‍රි ඇගේ හරි අපූරු පින්තූර කිහිපයක් නත්තල වෙනුවෙන් සමාජ මාධ්‍ය ජලා වලට එකතු කරලත් තියෙනවා. ඉතින් ශනුද්‍රි ගේ මේ අපූරු ෆොටෝස් දැකපු ගොඩක් දෙනෙක් මෙන්න මේ විදියට හරි අපූරු කියමනක් කියා තියනවා.

ඔන්න ඉතින් ඒ තමයි, “ශනුද්‍රිගේ සුන්දරත්වයට නත්තල් සීයා වුණත් වශී වෙන්න පුළුවන්” කියලයි. ඔන්න ඔන්න ගොඩාක් අය ශනුද්‍රිගෙන් අහනවාලු, “ඇයි තවමත් තනිකඩව ඉන්නේ, අක්කලා දෙන්නම බැන්දානේ” කියලා.

ඉතින් ඒකට ශනුද්‍රි හරි අපූරු උත්තරයක් තමයි දෙන්නේ. ඒ තමයි, “ඇත්තටම මටත් තියන ප්‍රශ්නේ ඕක තමයි, මං කවදා බදීවි ද කියලා කියන්න බෑ. මොකද ඉතින් තාම මං පෙම්වතියක් නෙමෙයිනේ. ඉතින් ඉස්සරහට බලමුකෝ මොකද වෙන්නේ” කියලා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button