
අපේ රටේ රිදී තිරයේ කාටත් අමතක නොවන දක්ෂ රංගන ශිල්පියෙකු වශයෙන් පුබුදු චතුරංග මතකයට නැගෙනවා. ඔහු පිළිබඳ කතා කරන විට ඔහුගේ ආදරණීය සුන්දර බිරිඳ වන මාෂි සිරිවර්ධන අමතක කරන්නට බැහැ .
සුන්දර රූ සපුව සහ නිතරම මුවඟ රැඳි සිනහවකින් සිටින සුන්දර යුවතියක් වන මාෂි සිරිවර්ධන අපේ රටේ සිනමාවට පැමිණෙන නවතම තරුවක් ලෙස පෙන්වා දෙන්නට පුළුවන්.
මේ දිනවල තිරගත වන අපූරු සිනමා පටයක් වන ” නිහඬ සෙවනැලි ” චිත්‍රපටියේ මාෂි සිරිවර්ධන රංගනයෙන් දායක වන අතර ඇගේ ආදරණීය ස්වාමියා වන පුබුදු චතුරංග සමගින් සමගින් එක්ව රංගනයෙන් දායක වීමට ඇයට අවස්ථාව උදාවී තිබෙනවා.
මෙම නවතම සිනමාපට සම්බන්ධයෙන් පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවක් හා සම්බන්ධ වෙමින් එම ” නිහඬ සෙවනැලි ” සිනමාපටයේ ඇයට ලැබුණු චරිතය හා රූගත කිරීම් සිදුවන කාලයේ දී ඇයට මුහුණ දීමට සිදු වූ අත්දැකීම් පිළිබඳව මතකය අවදි කරමින් මාෂි සිරිවර්ධන කරුණු ගණනාවක් මෙම පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවේදී පවසා තිබුණා.
ද්භූත සිනමාපටයක් වන නිහඬ සෙවනැලි චිත්‍රපටිය තුළ අද්භූතජනක සිදුවීම්, කුතුහලය, තරුණ පිරිසක් හා සම්බන්ධ කතා පුවතක් ගැබ්ව පවති.
ප්‍රවීණ රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් ගණනාවක් සමග රංගනයෙන් දායක වීමට අවස්ථාව ලැබූ මාෂි සිරිවර්ධන එම අවස්ථාව පිළිබඳ මතක් කර සිටියේ මේ ආකාරයට.

“ මම අද්භූත චිත්‍රපටි වලට ගොඩක් බයයි. නිහඬ සෙවණැලි චිත්‍රපටයේ රූගත කිරීම් තිබුණා පරණ බංගලාවක. ඒ ගමේ කටකතා තිබුණා ඒ බංගලාවේ ඇත්තටම හොල්මන් ඉන්නවා කියලා.
ඒ පැත්තට තනියම යන්න එපා කියලා පුවරු පවා ගහලා තිබුණා. ඒ නිසා අපිට හොල්මන් කියන හැඟීම ඇත්තටම දැනුණා. ඒ මුළු පරිසරයේම තිබුණා පොඩි අද්භූත ගතියක්.
අපේ කාර්ය මණ්ඩලයේ කීපදෙනෙක්ම විවිධ දේවල් දැක්කා කියලාත් කිව්වා. ඒ හැරුණුකොට චිත්‍රපටය රූගත කිරීමේදී අපිට තියෙන්නේ ලස්සන සුන්දර අත්දැකීම් ගොඩක්.
අපි රඟපෑවේ ඒ මොහොත විඳීන ගමන්. පුබුදුත් මාත් එක්ක එතන හිටපු ඔක්කොම තරුණ අය. රොෂාන් රණවන, තරුකා වන්නිආරච්චි, ධනංජි තාරුකා, හරිත් වාසල අපි ඔක්කොම යාළුවෝ.”
“ඔක්කොම අය මාව තමයි බය කළේ. එතැන හිටපු අයගෙන් පොඩිම එක්කෙනා මම. ඒ නිසා හැමෝම මාව තනියම කැලේ දාලා දුවන අවස්ථා ගොඩක් තිබුණා.
කැලේ එක රූගත කිරීමක් තිබුණා පිඹුරෙක්ව දැකලා බය වෙන එකක්. ඒකට තමයි මම ගොඩක් බය වුණේ. වැඩිපුරම කැලේ රූගත කිරීම් කරන්න තිබුණු නිසා විවිධ දුෂ්කරතාවලට මුහුණ දුන්නා.”
පුබුදු සමග එක්ව චිත්‍රපටයකට සම්බන්ධ වූ ප්‍රථම අවස්ථාව මෙය බවත් එය අලුත් අත්දැකීමක් බවත් දක්ෂ නළුවෙකු වන පුබුදු සමඟ රඟපෑමට තමන් බිය වූ බවත් ක්ෂේත්‍රයට තමන් නවකයෙකු වන නිසා නිතරම පුබුදු අඩුපාඩු පෙන්වා දෙන බවත් ඇය පවසා තිබුණා.








