නළුවෙක් වෙන්න ගිහින් අඬපු වාර ගණන ගොඩයි, වතුර බීලා කෑමක් නොකා කොළඹ ඉඳපු දවස් තිබුනා

හැමෝම හරිම ආසාවෙන් නරඹන, “පාර දිගේ” ටෙලි නාට්‍යය හරහා සුවහසක් ප්‍රේක්ෂක ආදරය ජනප්‍රියත්වය දිනාගන්නට සමත් වූ, දකුණු ලක පුරවරයෙන් බිහි වූ අපූරු කලාකරුවෙක් තමයි, “ඉෂාන්” කියලා කියන්නේ.
ඔන්න ඉතින් ඉෂාන් කියලා කියෙන්නේ, අවුරුදු ගණනාවක් තිස්සේ අවුරුදු කුමරා තරඟයට සහභාගි වුණු කඩවසම් තරුණයෙක් වන අතර, ජයග්‍රහණයන් නම් ඔහුට ලබා ගන්නට බැරි වෙලා තියනවා.
ඉතින් ඉෂාන්ට මේ දේවල් වලට අස්වැසිල්ලක් වෙලා තියෙන්නේ ඔහුගේ ආදරණීය මව යි. ඉෂාන් කියලා කියන්නේ පාසල් කාලේ හරිම දඟාකාර චරිතයක්.
ඒ කාලේ ගොඩාක් අයගේ ආකර්ශනය දිනාගන්න කැමති ඉෂාන්, පාසල් කාලේ දී මියුසික් වීඩියෝ එහෙමත් කරල තියනවා. ඔන්න ඉතින් ඉෂාන් විවිධ අරමුණු වල හිටපු කෙනෙක්.
ඒ කියන්නේ ඔහු කාලයක් චිත්‍ර ශිල්පියෙක් වෙන්නත්, ගුරුවරයෙක් වෙන්නත් වගේම, නිරූපණ ශිල්පියෙක් වෙන්නත් හීන දැකලා තියනවා.
ඒ වුණත් එහෙම හීන ගොඩක් දැකපු ඉෂාන් අන්තිමේට රංගන ශිල්පියෙක් වෙන්නට හීන දකින අතර, ඒ ඔහුගේ උසස් පෙළ විභාගය කාල වකවානුවේදී ය.
ඔන්න ඉතින් කාලයත් එක්ක සෞන්දර්යය විශ්වවිද්‍යාල වරම් ලැබූවද ඊට පයින් ගැසූ ඉෂාන්ට ගොඩාක් දේවල් ගැන කලකිරිමක් ඇතිවෙන්නට පටන් ගන්නවා.
ඉතින් ඉෂාන් මොකද දන්නවද කරන්නේ. ඉෂාන් පෞද්ගලික ආයතනය රැකියාවක් කළත් ඒකත් ඉෂාන්ට සෙට් වෙලා නෑ. ඉතින් ඉෂාන් ජපානයට යන්න තීරණය කරනවා, 2017 වර්ෂයේ දී අර්ධකාලීන රැකියාවකට.
ඔන්න ඉතින් ජපානේ ඉද්දී ඉෂාන්ට අයෙමත් අර නළුවෙක් වෙන හීනය හිතට එන්න ගත්තලු. ඉතින් ජපානයට ගියපු ඉෂාන් වීසා ඉවර වෙන්නත් කලින්ම ආයෙමත් අපේ රටට එනවා.
දකුණේ ඉදන් කොළඹට ඇවිත් කලාවට අපූරු වෙනසක් එක් කළ ඉෂාන් ආදරණීය රංගන ශිල්පියා මේ තාක් දුර කලා ලෝකයේ ගමනක් එන්නට, බොහෝ සෙයින් දුක් කම්කටොලු විදල තියනවා.
ඉතින් ඉෂාන් කියනවා, “මාරම කට්ටක් කන්න වුණා කලාවට සම්බන්ධ වෙන්න. සමහර දාට ඔහු රඟපෑ සුලු චරිතයන් ටෙලි නාට්‍යයන් වල ටීවී එකේ පෙන්නුවේ නැති වුණොතින් ඔහු මාර විදියට අඬනවා කියලත්,
මොකද ඔහු වතුර බීලා කෑමක් වත් කුසට නොගෙන කොළඹ ජීවිතේ ගත කරපු බොහෝ දවස් ද තිබිලා තියෙනවා” ලු.








