
“කූඹියෝ” ටෙලි සිත්තම හරහා සුවහසක් ප්‍රේක්ෂක ආදරය දිනාගත් තාරුණ්‍යයේ දඟකාර රංගන ශිල්පියා, කළණ ගැනයි අද අපි කථා කරන්න යන්නේ.
ඉතින් “කූඹියෝ” එකෙන් පස්සේ කළණ රඟපෑ, තවත් විවිධාකාර වූ හරබර නාට්‍යයන් හරහා ඔහු ප්‍රසිද්ධියට පත්වනවා වගේම ජනප්‍රිය චරිතයක් බවට පත්වෙනවා.
ඔන්න ඉතින් කළණ හරිම ආසයි ලු “ට්‍රැවල්” කරන්න. විනෝදාංශයක් විදියට යාළුවොත් එක්ක අවුරුදු ගානක් තිස්සේ ඉදන් කළණ ට්‍රැවල් කරනවාලු.
ඉතින් ගොඩාක් වෙලාවට “කැළෑවල්, දිය ඇලි, කඳු” වගේ මනහර දර්ශනයන්, යාළුවොත් එක්ක නරඹන්නට යන්නට කළණ අමතක කරන්නේ නම් නෑ.
ඉතින් කළණ කියනවා, “ඔහුව දන්න අය දන්නවාලු, ඔහු ඇවිදින්න හරිම ආස චරිතයක්” කියලා. අපි ඉපදුණු දවසසේ ඉදන් මිනිස්සු විදියට අපි ට්‍රැවල් කරනවා.
මානසිකවත් ශාරීරිකවත් අපිට ට්‍රැවල් කළ හැකියි. ඉතින් කළණ වැඩිපුරම ආස “දිය ඇලි, කඳු” වගේ දේවල් නරඹන්න. ඔන්න ඉතින් කළණ “කඳු” ගැන හරිම හර බර කථාවක් තමයි කියන්නේ.
ඒ තමයි, “කඳු කියලා කියන්නේ ගැහැණියකගේ සරාගිකත්වයට උපමාවක්. ඉතින් “කඳු” කියන ගැහැණිය ගැන ඔහු තොරතුරු සොයන්නට හරි ආසයි වගේම පරිසරයට හරිම ආදරෙයි” කියලත් ය.
කළණ හරිම ආසයි කළෑවල් මැදින් ඇවිදින්න එහෙම. එහෙම යද්දී දකින විදින සුන්දරත්වය ගැන කියන්න වචන නැති තරම් ලු කළණට.
“කැළෑවල් මැද්දේ ගලා හැලෙන සුන්දර මනහර දිය ඇලි වල අසිරිය විදින්න ලැබෙන එක කොයි තරම් නම් භාග්‍යයක් ද?. ඒ වගේම දිය ඇලි වල සද්දෙටත් ඔහු හරි ආසයි” කියලත්, කළණ කියනවා.
ඔන්න ඉතින් මේ වෙද්දී කළණට නරඹන්නට යන්න බැරි වුණු තැන් විශාල ප්‍රමාණයක් තියනවාලු. ඉතින් ඒ අතර කළණ හරිම ආසයි ලු, “හිමාලෙ” බලන්න යන්න.
ඉතින් “ඒකට හේතුවක් නම් කියන්න දන්නේ නෑ. ඒත් හිතට දැනෙනවා “හිමාලේ” බලන්න යන්න ඕනේ කියලා. සමහර විට කවමදාවකවත් ගිහින් නැති හින්දා වෙන්නත් ඇති” කියලයි, කළණ හරි අපූරුවට කියන්නේ.








