අහුලගත්ත ගොසිප්උණුසුම් පුවත්ගොසිප් පුවත්

“නිතරම රුපවාහිනියේ පෙනී ඉන්නත් කැමැත්තක් නැහැ” මම කොහොම හිටියත් කට්ටිය මාව අඳුනගන්නවා

අපේ රටේ බොහෝ තරුණයන්ගේ සිත් වසඟයට ගත් සරාගි රූසපුවක් හිමි සුන්දර රංගන ශිල්පිනියක් වශයෙන් සඳනි ප්රනාන්දු පෙන්වා දෙන්නට පුළුවන්.

මෙරට ප්රේක්ෂකයෝ ඇයව හඳුනා ගනු ලබන්නේ සංගීත වීඩියෝ හරහා වේ.මේ ඔස්සේ කලා ක්ෂේත්රයට පිවිසෙන ඇය ඉතාමත් කෙටි කාලයක් තුළදී මෙරට පුංචි තිරයේ පෑයූ සුපිරි තාරකාවක් බවට පත්වන්නට සමත් වෙනවා.

ඇයගේ සුන්දර රූ සපුවක් සරාගී ආකර්ෂණීය සිරුරත් නිසා නිතරම සමාජ මාධ්ය තුළ තුළ කතාබහට ලක්වන චරිතයක් බවට ද ඇය පත්ව සිටිනවා .

දක්ෂ තරුණ රංගන ශිල්පිනියක් වශයෙන් මෙරට ප්රේක්ෂකයන් අතර ජනප්රිය සදනි ප්රනාන්දු ප්රේක්ෂකයාගේ වඩාත් අවධානයට යොමු වන්නේ ස්වර්ණවාහිනි නාලිකාවේ විශාල ප්රේක්ෂකයන් පිරිසක් නැරඹූ හාරකෝටිය ටෙලි නාට්ය ඔස්සේ ඇය දැක්වූ රංගනය නිසයි.

රංගන ශිල්පිනියක් වීම සම්බන්ධව අදහස් දැක්වීමක දී ඇය කියා සිටියේ තමන්ට වයස අවුරුදු 17 18 වන විට රංගන කටයුතු සඳහා පොඩි පොඩි කැමත්තක් ඇති වූ බවත් එතැන් සිට රංගන ශිල්පිනියක් වීමේ අරමුණෙන් උත්සාහයෙන් සහ කැපවීමෙන් යුතුව තමන් වැඩ කළ බවත්,

එම නිසා අද මෙවැනි ශික් ආදරය දිනා ගැනීමට සමත් සුන්දර රංගන ශිල්පිනියක් බවට පත් වීමට ඇයට අවස්ථා උදා වී ඇති බවත් ඇය ඉතාමත් සතුටින් තම අදහස් දැක්වීමේදී කියා සිටියා.

රංගන කටයුතු සිදු කරන ගමන් උසස් අධ්යාපන කටයුතු සිදු කරන ඇයට කලා නිර්මාණවලට ආරාධනා ලැබුණොත් ඒ සියල්ලම බාර නොගෙන්නා බවත් ඇය කියා සිටියා.

ඊට හේතුව වන්නේ නිතරම රූපවාහිනිය පෙනී සිටීමට ඇය වැඩි කැමැත්තක් නොදක්වන නිසයි. අධ්යාපන කටයුතු පෞද්ගලික ජීවිතේ කටයුතු නිසා කාර්ය බහුල වී සිටින ඇයට කලා නිර්මාණ භාර ගෙන කාලය කළමනාකරණය කර ගැනීමේ අපහසුතාවය නිසා ඇය මෙලෙස නිර්මාණ සඳහා වැඩි දායකත්වයක් නොදක්වන බව කියා සිටියා.

කලා නිර්මාණ වලට අමතරව වෙළඳ දැන්වීම් සඳහා, මියුසික් විඩියෝ සදහා මෙන්ම නිරූපණ ක්ෂේත්රයේ තුල වැඩ කටයුතු සඳහාත් ඇයට ආරාධනා ලැබෙන බවත් මේ සියල්ලගෙන්ම හොඳ අවස්ථාවක් ලැබුණොත් ඒ සඳහා තම දායකත්වය ලබා දෙන බවත් ඇය වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button