අහුලගත්ත ගොසිප්තරු ගොසිප්

පවුලට එකතු වු අලුත් සාමාජිකාවත් සමග ශේෂාද්‍රිගේ උපන්දිනය සැමරුවේ මෙහෙමයි

ප්‍රියසාද් පවුල කියන්නේ අපේ රටේ නිතරම පාහේ කතා බහටල වන කලා පවුලක් අක්කලා නංගීලා නිසා හැඩ වුන මේ සුන්දර පවුලේ සහෝදරියන් තිදෙනා අද වන අපේ රටේ ඉන්නා දක්ෂ රංගන ශිල්පිනියන්, ගායන ශිල්පිනියන්, නර්ථන මෙන්ම නිවේදන ශිල්පිනියන් වශයෙන්ද ඔවුන් තිදෙනා ඉතාමත් සුවිශේෂි ජනප්‍රියත්වයකට පත් වි තිබෙනවා.

මේ තිදෙනා අතරින් ශේෂාද්රි ප්රියසාද් සුන්දර රංගන ශිල්පිනියක් වශයෙන් හදුන්වන්නට පුළුවන්. රිදි තිරයේ අමතක නොවන සොදුරු ආදරණීය චරිත කිහිපයක්ම ඇය විසින් නිරුපණය කර ඇති අතර අදටත් මෙරට ප්‍රේක්ෂකයා අතර ජනප්‍රිය සොදුරු ආදරණීය චරිතයක් වනවා.

මෙරට සිටින දක්ෂ සංගීත ශිල්පියෙකු වන ක්‍රිෂාන් සමග මැතකදී අතිනත ගත් ඇය ඔහු සමග ඉතාමත් සතුටින් මේ දින කාලය ගත කරනු ලබනවා.

තමන්ගේ පවුලේ සමාජිකයන් සමග පසුගිය දිනක යෙදි තිබුනු ඇයගේ උපන්දිනය සමරන්ට කටයුතු සිදු කර තිබු අතර මේ අවස්ථාව සදහා පවුලේ සමාජිකයන් වගේම හිත මිතුරෝ කිහිපදෙනෙකු සහභාගි වෙලා තිබුනා.

ඔවුන්ගේ පවුලට අලුතින් එකතු වුන සමාජිකාව වන දිනක්ෂිගේ සහ සාරාංගගේ පුංචි දියණියත් මේ සාදය සදහා සහභාගි වී තිබුනා. අලුත් සමාජිකාවත් සමග ඉතාමත් සුන්දර ලෙස සැමරු ශේෂාද්‍රිගේ උපන්දින සාදයේ සුන්දර ඡායාරූඵ කිහිපයක් තමයි මේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button