අහුලගත්ත ගොසිප්ගොසිප් පුවත්තරු ගොසිප්

රන්ජන් රාමනායක රහ’සේම ගහපු ගේම එලියට

රන්ජන් රාමනායක කියල කිවම කලාව ඇතුලත වගේම දේශපාලනයේත් කැපී පෙනෙන චරිතයක් බවට පත් වෙලා ඉවරයි. ඉතින් සමාජ මාද්‍ය වල තවමත් නිතරම පාහේ කතා වෙන්නේ ඔහු ගැනයි.

ඔහුගේ වැඩ වගේම කටත් පොඩ්ඩක් සර නිසා ගොඩක් දෙනාගේ කතාවට ලක් වෙනවා. ඉතින් මේ දවස් වල ගොඩක්ම කතා වෙන ඔහුගේ දෙයක් ගැනයි අද අපි කියන්න ලෑස්ති වෙන්න යන්නේ. ඒ ඔහු රඟපෑ චිත්‍රපටයක් ගැනයි.

චිත්‍රපටය ගැන මුලින්ම කියනවනම් ?

ඉතින් මේ චිත්‍රපටය අද්යක්ෂණය කරන්නේ ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂ සුරංග අල්විස් විසින්. එම චිත්‍රපටයේ නම වන්නේ The Game. ඉතින් මේ ච්ජිත්රපටයේ රන්ජා තමයි ප්‍රධාන චරිතයට පන පොවන්නේ.

අවාසනාවට ඔහු තවමත් සිරගතව සිටින්න. ඉතින් ඔහු එලියට එනකන් නොඉඳ තමයි මේ චිත්‍රපටය පෙන්වන්නට සුරංග අල්විස් තීරණය කරලා තියන්නේ.

ඉතින් ඒ පිළිබඳව ඔහු ඔහුගේ මුහුණු පොතේ සටහනක් පවා පල කරලා තිබුනා. ඒ සටහන මේ ආකාරයෙන් අප ඔබට ගෙන ඒමට සුදානම්.

උපුටාගැනීම පහතින් 

2021 12 20

ආදරනීය රංජන් අයියේ,, “ද ගේම්” චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරක පටය පසුගිය දෙවන දින මුල්වරට රිදී තිරයේ දැක ගැනීමට හැකිවුනා. මගේ සිත තුල ඇතුවු සතුටට යටින් දරාගත නොහැකි දුකක් දරාගෙන මම එය නැරඹුවේ. 

සත්‍ය වසන් කරන පුද්ගලයන් විසින් ඔබව සහ ඔබේ කටට අගුල් දමා ඇත. කොයි තරම් කටුක ජීවිතයක්ද ඔබ ගෙවනවා ඇතතේ යන්න මා හොදින් දනිමි.

සිර’ගත වු දින සිට අද වන තෙක් ඔබව මා බැලීමට පැමින නැත. උත්සහ කරද නැත. උත්සහ කරන්නේද නැත. ඒ ඔබ වැනි පෞරුෂයක් හිමි කෙනෙකු වැරදිකරුවෙකු ලෙස දැකිමට අකමැති නිසා.

ඔබ නැතුව චිත්‍රපටය තිරගත කරන්න වෙන තත්වයක් දැන් උදාවෙලා තියෙන්නේ. සිනමාහල් හිමියන් ඔබේ චිත්‍රපටය ඉල්ලා සිටිනවා. ඔබ සිරගත වීමට දින දෙකකට කලින් මට කිව්වේ.

“මාව හි’රේ දැම්මොත් කොහොම හරි හි’රේ ඉන්නකොටම ෆිල්ම් එක දාන්න කියලා. මං හිතුවේ එක පට්ට විහිලුවක් කියලා. නමුත් ඔබ නැතුව මංගල දර්ශනය මට තියන්න වෙලා.

රංජන් අයියේ මාත් එක්ක ඒකට අමනාප වෙන එකක් නැ. වර්තමානයේ පවතින අර්බුදයට පිලියමක් ලෙස මෙම චිත්‍රපටය ලොකු උත්තේජනයක් වෙයි කියලත් විස්වාසයක් තියෙනවා.

කොහොම නමුත් මේ දෙසැම්බරයේ එන මගේ උපන් දිනය දාට චිත්‍රපටයේ මුල්ම දැක්ම සහ ගීත එලි දක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ.

ඉක්මනට එන්න. කෙලෙහිගුනේ නොදන්න මිනිසුන් වෙනුවෙන් ආයේ කට අරින්න එපා. පාඩුවේ ඉන්න. ඇවිත් පාඩුවේ ඉන්න. ඔබ වෙනුවෙන් පෙනී සිටි අය ගැනත්, ඔබ වෙනුවෙන් බොරුවට පේනී සිටි අය ගැනත් මා හොදින් දනිමි.

සිංහයා එයි කවදා හෝ ගේම ගහන්න. “The Game”

2021 12 20

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button