අහුලගත්ත ගොසිප්උණුසුම් පුවත්ගොසිප් පුවත්

“හැම ගීතයකටම වඩා ඇය මට තමයි ආදරේ කරන්නෙ” සුන්දර විවාහ ජීවිතයක් ගත කරන සුරේන්ද්ර පෙරේරා

සිරස සුපර් ස්ටාර්  වේදිකා ඔස්සේ බිහිවූ තවත් එක් සුවිශේෂී දක්ෂ ගායන  තරුවක් වශයෙන් සුරේන්ද්‍ර පෙරේරා පෙන්වා දෙන්නට පුළුවන්.

සුපර් ස්ටාර්  ගායන වේදිකාව් ඔස්සේ මෙරට සංගීත ක්ෂේත්‍රයට පිවිසීමෙන් අනතුරුව ලාංකික ප්‍රසංග වේදිකාව තුළ නැතිවම බැරි සුවිශේෂි ගායකයෙකු වශයෙන් මොහුව බොහෝ දෙනා හදුන්වන්නට වුණා.

මොහුටම ආවේණික වූ සුවිශේෂ හඬ පෞරුෂය නිසා බොහෝ වටා එක් රොක් වූ රසික රසිකාවියන්ගෙන්  කිසිදු අඩුවක් නොමැතිව අදටත් ඔහු වටා විශාල ප්‍රේක්ෂක පිරිසක් එක්රොක්ව වනවා.

මොහුගේ කට හඬින් ගැයෙන වැහි පබළු, දිය කිඳුරිය සේ, සීත මෝසම්, වැඩි සුන්දර ගීත මෙරට රසික රසිකාවියන් අතර අතිශයින් අතිශයින්ම ජනප්‍රියත්වයට පාත්‍ර වූ සුන්දර ගීත බවට පත් වුණා.

යෞවනයෙක් විදිහට එදා තරුණියන්ගේ අාකර්ෂණය දිනාගත් ඔහු අද වන විට විවාහක තරුණයකු වෙනවා. ඔහුගේ අතගත් සුන්දර තරුණිය නමින් අචිනි වේ.

2008 වසරේ දී ඔවුන්ගේ ආදර කතාව ආරම්භ වන අතර  ඔහුගේ පෙම්වතිය වූ අචිනි අද වන විට සුරේන්ද්‍ර පෙරේරාගේ  ආදරණීය බිරිඳ වනවා.

මුලදී ඔහුගේ රසිකාවියක් වුණ ඇය අද වන විට තමන්ව තේරුම් ගනිමින් තමන්ගේ ජීවිතය වෙනුවෙන් කැපවෙන හැමදේම බෙදා  ගන්නට පුළුවන් ආදරණීය බිරිඳක් වීම පිළිබඳ ඔහු කියා සිටියේ තමන් එවැනි බිරිඳක් ලැබීමට තරම් වාසනාවන්ත වූ බවයි.

ඇය පිළිබඳ මතක් කරමින් සුරේන්ද්‍ර පෙරේරා කියා සිටියේ තමන් ගායනා කරන සියලු ගීත වලට ඇය කැමති නමුත් ඒ සෑම ගීතයකටම වඩා ඇය තමන්ට ආදරය කරන බවයි.

අද වන විට ආදරණීය බිරිදත් සමග සුන්දර පවුල් ජීවිතයක් ගත කරන ඔවුන් දෙපලට හැමදාමත් සතුටින් ආදරණීය ලෙස ජීවත් වන්නට හැකිවේවා යැයි ද සුරේන්ද්‍රගේ ඉදිරි සංගීත වැඩකටයුතු  සාර්ථක වේවා යැයි ද ප්‍රේක්ෂක අපි ඔහුට ප්‍රාර්ථනා කරමු

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button