
නිරූපණ ක්ෂේත්‍රය දක්ෂයකු මෙන්ම රංගන කටයුතුවලදි ද දක්ෂයකු බවට පත් වූ සිනමා නිර්මාණ ඔස්සේ ප්‍රේක්ෂකයන් අතරට පැමිණි මොහු නමින් අමිල කරුණානායක වේ.
මොහු තරුණියන්ගේ සිහින කුමරා බවට පත්වී ඇත්තේ ඔහු තුළ ඇති කඩවසම් පෙනුමත් වෙනස්ම ආකාරයේ පෞරුෂය නිසාය. අමිල කරුණානායක කියන්නේ අද වන විට ආදරණීය ස්වාමි පුරුෂයෙක් වගේම ආදරණීය තාත්තා කෙනෙක්.
රංගන කටයුතුවලදී පෙම්වතාගේ චරිතය දුෂ්ටයාගේ චරිතය මෙන්ම කතාවේ වීරයා රසික සිති දිනා ගැනීමට සමත් මේ කඩවසම් රංගන ශිල්පියා කලා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ නිරූපණ ක්ෂේත්‍රය ඔස්සේය.

රුපවාහිනි වෙළඳ දැන්වීම් මගෙන් ප්‍රේක්ෂකයින්ට මොහු දැක ගැනීමට හැකි වූ මොහු මොහු සිනමා කෘතියකින් ප්‍රථම වතාවට ප්‍රේක්ෂකයා හමුවට පැමිණි.
මෙහිදී ඔහු රංගනයෙන් දායකත්වය ලබාදෙන පළමු චිත්‍රපටය වන්නේ රූපාන්තරණ චිත්‍රපටය යි. ඉන්පසු මෙරට විකාශය චිත්‍රපට ගණනාවකම ඔහුගේ රංගනය දැක ගැනීමට හැකි වනවා.
මේ දිනවල හිරු නාලිකාව ඔස්සේ විකාශය වන මහවිරු පණ්ඬු ටෙලිනාට්‍ය දීඝගාමිණී කුමාරයාගේ චරිතය නිරූපණය කරන්නේ අමිල විසින් වන අතර මෙම චරිත නිරූපණයට වෙනස් වෙනස්ම අත්දැකීම් ගෙන එන නිර්මාණය වූ බවට මතක් කර සිටියා.

ඔහු රංගන දායකත්වය ලබා දුන් කබඩි චිත්‍රපටයේ ඔහුගේ චරිතය මෙතෙක් ඔහුට ලැබුණු චරිත අතරින් වෙනස්ම ආකාරයේ චරිතයක් වූ බවත් එම චරිතය ඔස්සේ මනුරංග ගේ චරිතය ඔහු විසින් නිරූපණය කරනු ලබනවා.
ටෙලිනාට්‍ය කටයුතු වලට වඩා සිනමා කටයුතු සඳහා ඔහු වැඩි කැමැත්ත දක්වන්නේ ඒ ඔස්සේ රංගන අත්දැකීම් විශාල ප්‍රමාණයක් ලබා ගැනීමට ඔහුට අවස්ථාව හිමිවන නිසයි.
මේ චිත්‍රපටයේ ජාත්‍යන්තරයට ගිය ජාත්‍යන්තරයට පැසසුමට ලක් අපේ රටේ සිනමා කෘතියක් වන අතර ඒ ශ්‍රී ලංකා සිනමා නිර්මාණයක් සඳහා ලැබුණු සුවිශේෂී අවස්ථාවක් වුනා. සිනමාව ඔස්සේ ටෙලි නාට්‍යය ඔස්සේ යොවුන් සිත් වසඟයට ගත් මේ සුන්දර කඩවසම් තරුණ රංගන ශිල්පියාගේ ඡායාරූප තමයි මේ. විස්තර හදගැස්ම අතිරේකයෙන්.









