
ශාරද් චන්දුම කියන නම ඇසූ පමණින් මොහුව බොහෝ දෙනකු හඳුනන්නේ නැහැ . ඊට හේතු වන්නේ මිලට ප්රේක්ෂකයා බොහෝ අද වන විට හැඳිනගෙන සිටින්නේ රත්නේ යන නමින් නිසයි.
වයසින් කුඩා වුවත් අද වන විට මෙරට ප්රේක්ෂකයාගේ ආදරේ දිනා ගත් සුන්දර චරිතයක් වශයෙන් ශාරද් හඳුන්වා දෙන්නට පුළුවන්. මේ දිනවල බොහෝ දෙනාගේ ජනප්රියත්වයට පාත්ර වූ සුන්දර ටෙලි නාට්යයක් වන ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන නාඩගම්කරයෝ ටෙලි නාට්යයේ එන තවත් එක් සුවිශේෂී චරිතයක් ලෙස රත්නේ පෙන්වා දෙන්නට පුළුවන්. ත
වමත් තරුණ වයසට නොපැමිණි මේ ළමා රංගන ශිල්පියාගේ සුවිශේෂී රංගන හැකියාව නිසා අද වන විට ඔහුට ප්රේක්ෂකයන් ගණනාවකගේ ආදරය ජනප්රියත්වයට පාත්ර වීමට හැකිවී තිබෙනවා.
නාඩගම් කාරයෝ ටෙලි නාට්යයේ අධ්යක්ෂවරයාගේ වැඩිමහල් පුතණුවන් වන්නේ ද මොහුයි. සාමාන්ය පෙළ විභාගය සමත් වී මේ වනවිට උසස් පෙළ විභාගය සඳහා සූදානම් වන පාසල් වයසේ සිටින ශාරද් මේ වන විට ටෙලි නාට්ය දහයකට අධික ප්රමාණයක රංගන දායකත්වය ලබාදී ඇත.
විනෝදාත්මක චරිත නිරූපණයක් සඳහා දැඩි ආශාවක් දක්වන මොහුට තම පියා අධ්යක්ෂණය කළ නාඩගම්කරයෝ ටෙලි නාට්යයේ එවැනි චරිතයක් ලැබීම සම්බන්ධයෙන් ඔහු ඉතාමත් සතුටු වන බව පවසා තිබුණා.
අද වනවිට ඉතාමත් ජනප්රිය චරිතයක් බවට බොහෝ දෙනාගේ ආදරය දිනා ගැනීමට සමත් දිනා ගැනීමට සමත් වූ මේ රත්නේ තවමත් පාසල් වයසේ පසුවන නිසා පාසල් කාලයේ මතකය අවදි කරමින් ඔහු කියා සිටියේ,
සාමාන්යපෙළ විභාගයට සූදානම් වන කාලය පාසලේ ඉවර වී යහළුවන් සමඟ ගනන් විශේෂණ ගැනීම සඳහා රාත්රී කාලය අමතර පන්තියකට ගිය බවත් එය තමන්ගේ ජීවිතේ අමතර පන්තියකට ආසාවෙන් ගිය අවස්ථාවක් බවත් ඔහු පවසා තිබුණි.
ක්රිකට් ක්රීඩාවට ඉතාමත් ඔහු තමන්ට විවේකය ලැබුණු අවස්තාවලදී යහළුවන් සමඟ එක්වී එකට සෙල්ලම් කරන බවත් කඳු නගින්නට තමන් ඉතාමත් වැඩි කැමැත්තක් දක්වන බවත් කියා සිටියා.
ඉදිරි අනාගතයේ දී සංස්කරණ ශිල්පියෙකු වශයෙන් කටයුතු කරන්නටත් එම අවස්ථාව ඔහුගෙන් ගිලිනොත් අනාගතයේදී පයිලට් කෙනෙකු වීමටත් දැඩි ආශාවෙන් සිටින බවත් ඔහු කියා සිටියා.
රංගන කටයුතුවලින් අද වන විට බොහෝ දෙනාගේ සිත් සොරකම් කර ගැනීමට සමත් සමත් වූවේ ළමා රංගන ශිල්පියාගේ නැතිනම් ඔබ ඔබ මා හදුනන රත්නේ ගේ පාසල් වැඩ කටයුතු මෙන්ම ඉදිරි අනාගතයේ දී ඔහු සිදුකිරීමට නියමිත සියලු වැඩකටයුතු වැඩ කටයුතු සාර්ථක වේවා යැයි ප්රේක්ෂක අපි ඔහුට ප්රාර්ථනා කරමු








