අප අතරින් සමු ගෙන ගිය ආදරණීය කලාකරුවෙකු වු සරත් චන්ද්‍රසිරි මහතාගේ සොදුරු මතකයන්ගෙන් බිදක්

වේදිකාව, සිනමාව ටෙටලිනාට්‍ය තු ල බොහෝ ප්‍රේක්ෂක පිරිසකට හුරු පුරුදු සොදුරු කලාකරුවෙකු වශයෙන් සරත් චන්ද්‍රසිරි පෙන්වා දෙන්නට පුළුවන්.
ප්‍රවිණ රංගන ශිල්පියකු වන මෙතුමා පිලිබද ඉතාමත් කණගාටු පුවතක් ඊයේ දිනයේ ඔහුට ආදරය කරන රසික පිරිසට අසන්නට ලැබුනේ දිගු කාලයක් අසනීප තත්වයෙන් සිටි මෙතුමා ජිවිතයෙන් සමුගන්නට වු සිදුවීමයි.
මෙම කණගාටු සිදුවීම බෝහෝ රසික පිරිසගේ හදවත ශෝකයෙන් පුරවන්නට සමත් කරුණක් බවට පත් වුනා. ප්‍රථමයෙන් අප අතරින් සමුගන්නට වුන ආදරණීය කලාකරුවාට නිවන් සුව ප්‍රාර්ථනා කර සිටිමු.
පාසල් අධ්‍යාපනය කාලයේ එතුමාට මුණ ගැසුනු නාට්‍ය ගුරුවරයා ඔස්සේ කලාවට පිවිසෙන මොහු රංගන ශිල්පින් කිහිප දෙනෙකු මුණ ගැසෙන අතර වේදිකා නාට්‍ය ගණනාවක රංගනයෙන් දායකත්වය වීමට අවස්ථාව උදා වනවා.
ඒ අනුව ප්‍රසිද්ධ වේදිකා නාට්‍ය වන අබුද්දස්ස කෝලම, රාජ කපුරු, තලමල පිපිලා වැනි වේදිකා නාට්‍ය කිහිපයක් පෙන්වා දිය හැක. ඔහු රංගනයෙන් දායක වු සිනමා පට අතර මෙරට ප්‍රේක්ෂකයාට මතක නොවන සොදුරු සිනමා පට ගණනාවක් දක්නට හැකි අතර,
එයින් බහුබුතයෝ, සිකුරු හතේ, රන් කෙවිට, ඩොක්ටර් නවරියන් වැනි සුවිශේෂි ගණයේ සිනමා පට ගණනාවක්ම දැක ගත හැකි අතර ඔහු එම සිනමා පට වල දැක්වු විවිධ චරිත නිරුපණයන් අදටත් ජනතාවගේ සිත් මතකයේ ඒ යුරින්ම රැදි ඇත.

එමෙන්ම සරත් චන්ද්‍රසිරි මහතා මෙරට පුංචි තිරය තුලද සුවිශේෂි චරිත ගණනාවක් හෙබ වු සොදුරු රංගවේදියෙකු වේ. දු දරුවෝ, ජෝඩු ගෙදර, අඩෝ, සිදූ, මහවිරු පණ්ඩු, වසන්ත කුසලාන වැනි ප්‍රේක්ෂකයන් විශාල පිරිසක් නැරඹු මෙම සුන්දර කතා මාලාවන් සහිත නාට්‍ය ගණනාවක් තුද විශේෂ රංගන හැකියාවන් පෙන්නුම් කරන ලද කාලාකරුවෙක් වේ.
කලාකරුවෙකු වශයෙන් රංගන හැකියා ඉතාමත් උසස් ලෙස පෙන්නුම් කරන ලද සරත් චන්ද්‍රසිරි මහතා උපාධිධාරිවරයෙන්ද වේ. නිහතමානි සුන්දර චරිතයකින් හෙබි සරත් චන්ද්‍රසිරි මහතාගේ මුහුණේ නිතර රැදි සුන්දර සිනහාව නිසා ඔහුව නොදන්නා කෙනෙකු මෙරට තුල නොමැති තරම්ය.
හදිසියේ අප අතරින් සමුගන්ට සිදු වුනත් එතුමාගේ සුන්දර රගපැම් කිසිදු දිනක මෙරට ජනතාවට අමතක නොවන අතර හැමදාමත් මෙරට ප්‍රේක්ෂකයාගේ සිත් ගත් ආදරණීය කලාකරුවෙකු වශයෙන්ද අවසාන වශයෙන් මතක් කල යුතුමයි.








