
දෙන්න නාලිකාවේ විකාශය වන යොවුන් රංගන ශිල්පීන් ගණනාවකගේ රංගනයන් දැක ගැනීමට හැකි සොඳුරු ටෙලි නිර්මාණයක් වශයෙන් සංගීතේ ටෙලි නාට්‍ය හඳුන්වන්නට පුලුවන් වන අතර මෙහිදී රංගනයට අලුත් නවක රංගන ශිල්පීන් ශිල්පිනියන් ගණනාවක්ද ගැනීමට හැකිවනවා.
මෙහි චරිත නිරූපණ ගණනාවක් මෙම සංගීතයට නිර්මාණය තුලින් ප්‍රේක්ෂකයාගේ හමුවට පැමිණෙන අතර එම චරිත අතරින් බොහෝ දෙනාගේ සිත් ගත් සොඳුරු කඩවසම් චරිත නිරූපණයක් වශයෙන් තිසංක සර් පෙන්වා දෙන්නට පුළුවන්.
තිසංක සර් ගේ චරිතයට පණ පොවනු ලබන්නේ නවීන් දිල්ශාන් දෙරණ නාළිකාවෙන් වූ දක්ෂ ගායකයකු වනවා. තිසංක සර් මගේ කතා කරන විට නිශානි ටීචර් ගැන ගැනත් කතා කළ යුතුමයි නිශානි ටීචර් ගේ චරිතයට පණ පොවනු ලබන්නේ හංසිනී විමලසිරි වේ.
සංගීතය ටෙලිනාට්‍ය තුළ සොඳුරු චරිත නිරූපණයක් ඉදිරිපත් කරන මොවුන්ගේ මොවුන් දෙපෙළ සැබෑ ජීවිතයේදී ආදරණීය සැමියා සහ බිරිද වේ.
දෙරණ ඩ්‍රිම් ස්ටාර් ගායන වැඩසටහන ඔස්සේ කලා ක්ෂේත්‍රයට පිවිසෙන මොවුන් දෙපළ අත වනවිට මෙරට සිටින දක්ෂ ගායන දෙපලක් මෙන්ම රංගන සිතින් දෙපලක් වශයෙන් ද පෙන්වා දෙන්නට පුළුවන්.
සොඳුරු ආදරණීය පවුල් ජීවිතය ගත කරන මේ දෙපළට ආදරණීය පුංචි හුරතල් දියණියක් දියණියක් ද සිටිනවා. කෙසේ නමුත් ඔබ කවුරුත් හඳුනන තිසංක සර්ගේ උපන්දිනය පසුගිය දිනෙක යෙදී තිබුණු අතර එම් උපන්දිනය පවුලේ අය සමඟ ඉතාමත් චාම් ලෙස සමරන්නට කටයුතු කර තිබුණා.

ඔහුගේ උපන් දිනය වෙනුවෙන් ආදරණීය බිරිඳ වන හංසිනී විමලසිරි ඇයගේ ෆේස්බුක් ගිණුමේ ආදරණිය සැමියා වෙනුවෙන් සුන්දර සුභ පැතුමක් සටහන් කරන්නට කටයුතු කර තිබුණා එහිදි ඇය සටහනක් තබමින් කියා සිටියේ “මේ ඉන්නේ මගේ දුකට සැපට ළඟම ඉන්න හොඳම මිත්‍රයා.
ලෝකයාට අනුව අවිහිසකත්වයේ ප්‍රතිමූර්තියක් බඳු වූ, මට අනුව දුෂ්ටකමේ සංකේතය වන මොහු නමින් නවීන් දිල්ශාන්. අද ඔහුගේ ජන්ම දිනයයි.
ඉතින් බොහෝ දෙනා නොයෙක් අයුරින් සුභ පැතුම් ගෙනේවි. ඒ අතරෙ කියවන හැමෝගෙම ආශිර්වාද එකතු කරන් මමත් යමක් මෙහෙම ලියන්න සිතුවා.
හිතේ තියෙන හැම යහපත් පැතුමක්ම (මගෙන් ගැලවීම හැර) එලෙසම ඉටු වන සුභ උපන් දිනයක් වේවා” පවුලේ සමාජිකයන් සමග ඉතාමත් චාම් අයුරින් උපන්දිය සැමරු ආකාරය දැක්වෙන් ඡායාරූප කිහිපයක් නරඹමින් රංගන ශිල්පි නවීන් දිල්ශාන් උපන්දිනයට අපිත් සුභ පැතුම් එක් කරමු.








