“රඟපෑමෙන් ගන්න සතුට කියල නිම කෙරන්න බෑ” නවක සොදුරු රංගන ශිල්පිනී නයනි රාමනායක

නව පරපුරේ තවත් එක් යොවුන් රංගන ශිල්පිනියක් වශයෙන් නයනි රාමනායක හදුන්වන්න පුළුවන් 2021 ‘දෙරණ අවුරුදු කුමරිය’ අවසන් දසදෙනාට තේරීපත් වීමට තරම් ඇය සුන්දර යෞවනියක් වු අතර,
අද වන විට නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක් බවට පත්වී සිටින අතර “හිරු ඇවිදින් ” ටෙලි නාට්ය ඔස්සේ ඇය තම රංගන වරම් වරම හිමිකර ගැනීමට සමත් වෙනවා.
සුන්දර රූ සපුවකට හිමිකම් කියන නයනි රාමනායක මේ දිනවල ටෙලි ටෙලිනාට්ය ටෙලිනාට්ය ගණනාවකම රංගන ඇත්ත සිදුකරන අතර රුපවාහිනි නාළිකා ගණනාවකම දැක ගැනීමට හැකි වනවා.
ඒ අනුව ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන අග්නි පියාපත් පියාපත් වී නාට්යයේ, හදවතේ කතාවේ ටෙලිනාට්යයේ , ස්වාධීන රූපවාහිනී පුළිඟු වෙන ටෙලි නාට්යය තුළ ද දෙන්න නාලිකාවේ විකාශය ඉතාමත් සුන්දර ටෙලි නාට්යයක් වන ධරණී නාට්ය තුළ සුලෝචනා ගේ චරිතයෙන් ද ඇයව ප්රේක්ෂකයාට දැක ගැනීමට හැකි වූ අතර,
ඉදිරියේදී අපේක්ෂකයෝ හමුවට පැමිණෙන තවත් සුන්දර ටෙලි නාට්ය කිහිපයකම රූගත කිරීම් මේ වන විට සිදු කරනු ලබනවා.
බියගම ප්රදේශයේ උපන් තරුණියක් වන ඇය කුඩා කල සිටම ආසා කළේ ආශා කළේ පොලිස් නිලධාරිනියක් වීමටයි අද වන විට කලා කටයුතු සඳහා සම්බන්ධ වුණත්,
ඇයගේ පියා පොලිස් නිලධාරියෙකු වන බැවින් ඔහු මෙන් රටට සේවයක් කිරීමට දැඩි ආසාවක් ඇය සතුවන අතර අවස්ථාවක් ලැබුනහොත් රට වෙනුවෙන් සේවය කිරීමට අනිවාර්යයෙන්ම කටයුතු කරන බවත් ඇය පවසා තිබුණා.
කලාවට පිවිසීම සම්බන්ධයෙන් නයනි රාමනායක පසුවන්නේ දැඩි සතුටකින් වන අතර ඒ පිළිබඳ අදහස් දක්වමින් කියා සිටියේ “ රඟපානවා තරම් සතුටක් තවත් නැහැ.

මොකද මොන වෘත්තියක සේවය කළත් මේ ලැබෙන සතුට, ආදරය වෙන දේවල්වලින් ගන්න බැහැ. නමුත් නිර්මාණය විකාශය වෙනකොට ලැබෙන සතුට අප්රමාණයි.
අනිවාර්යයෙන් දැන් රඟපෑම මගේ ජීවිතයේ කොටසක් වෙලා තියෙන්නේ. මම හුස්ම ගන්නේ මේ ලැබෙන ප්රේක්ෂක ප්රතිචාරත් එක්ක.
එතකොට මට දැනෙනවා මම ජීවත් වෙනවා කියලා සතුටක්.,” ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වූ අග්නි පියාපත් ටෙලි නාට්යය තුළ ඇයගේ සුවිශේෂී රංගන හැකියාව නිසා මෙරට ප්රේක්ෂකයන් බොහෝ දෙනෙකු ඇයව හදුනාගත් අතර එහිදී ඇය රඟ දැක්වූ දුප්පත් අහිංසක චරිතය නිසා ඇයට ඉතාමත් හොද ප්රේක්ෂක ප්රතිචාර ගණනාවක් ලැබි තිබුණ බවත් අමතක් කර සිටියා.
තවමත් පෙම්වතියක් නොවන මේ සුන්දර නයනි එයගේ කටයුතුවලට උදව් කරන ආදරණීය පෙම්වතෙකු ලැබෙයි කියා විශ්වාස සිටින අතර විවාහයෙන් පසු රංගන කටයුතුවලින් ඇත් වෙන්නට සිදු උනොත් කලාවෙන් සමුගන්නා බවත් ඇය කියා සිටියා.








