උණුසුම් පුවත්ගොසිප් පුවත්තරු ගොසිප්දේශිය පුවත්

පනාමංකඩින් ඔබ හමුවට එන රංගධරයා ලක්ෂ්මන් මෙන්ඩිස් කලාව ගැන දුකෙන් කියූ දේ

ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශනය වන රනිල් කුලසිංහයන්ගේ අධ්යක්ෂණයෙන් හොබනවන ගයාන් දිනේෂ් පෙරේරයන්ගේ නිෂ්පාදනයක් වන, “පනාමංකඩ” ටෙලි නාට්යය කිවුවම කවුද නොදන්නේ.

ඒ තරමකට ප්රේක්ෂකයින් ගොන්නක් බිහිවෙලා තියන ආදරණීය හරිම ලස්සන කථා මාලාවක් තමයි “පනාමංකඩ”. ඉතින් “පනාමංකඩ” කියලා නිර්මාණය වෙලා තියෙන්නේ, “පානිය ජල මංකඩ” යනුවෙනි.

ඔන්න ඉතින් ආදරණීය දියණිවරුන් සිවු දෙනෙකු සිටින, ආදරණීය බිරිඳ අහිමි වුණු ස්වාමියෙකු විදියටත්, සාම්ප්රදායික ගුරුන්නාන්සේ කෙනෙකු විදියටත්,

ප්රධාන චරිතයෙන් හරි අපූරු ලෙසින් “පනාමංකඩින්” ඔබ හමුවට එන මේ අපූරු රංගධරයා තමයි, සුවහසක් රසික ආදරය දිනාගත් ජනප්රිය ආදරණීය කලාකරු “ලක්ෂ්මන් මෙන්ඩිස්” කියලා කියන්නේ.

ඔන්න ඉතින් ලක්ෂ්මන් මෙන්ඩිස් ආදරණීය කලාකරුවාණන්ගේ ආදරණීය බිරිඳ තමයි, “ගීතා ශ්යාමලී මාරසිංහ” කියලා කියන්නේ. ඉතින් ඒ වගේම ඔහුට ආදරණීය දියණියක් මෙන්ම ආදරණීය පුතණුවෙක් ද සිටින අතර,

මේ ආදරණීයයන්ගෙන් ලක්ෂ්මන් මෙන්ඩිස්ගේ කලා කටයුතු වලට නම් ලැබෙන්නේ නොමඳ සහයෝගයකි. ඉතින් ලක්ෂ්මන් මෙන්ඩිස්ට බොහෝම කාලෙකින් ලැබුණු ඉතාමත්ම අපූරු චරිතයක් තමයි, ඔහු “පනාමංකඩේ” හරි අපූරුවට රඟපාන්නේ.

ජන සංගීතයේ පෘතුල දැනුමක් තියෙන “සමන් ලෙනින්” විසින් තමයි මේ හරි අපූරු “පනාමංකඩේ” සංගීතය වගේම ඔහුගේ හරි අපූරු ජන ගී ගායනාවනුත් එකතු කරලා තියෙන්නේ.

ඉතින් ලක්ෂ්මන් මෙන්ඩිස් කියනවා, “ඔහු හරිම ආසාවෙන් උනන්දුවෙන් “පනාමංකඩේ” රඟපානවා අලුත් අලුත් දේවල් ඉගෙන ගන්නට ද ලැබුණා පාපරම්පරික නර්ථන කලාව ගැන ඉගෙන ගන්නට හැකිවුණා කියලත්, පාරම්පරික නර්ථන ශිල්පියාට අද අත් වී ඇති ඉරණම ද මේ චරිතයෙන් හරි අපූරුවට ගම්යමාන වෙනවා ඉතින් මේ වගේ චරිතයක් ලැබුණ එක නම් හරිම වාසනාවක්” කියලා.

ඉතින් ඒ වගේම ලක්ෂ්මන්ට මේ හරි අපූරු කථාමාලාව වෙනුවෙන්, බුලත්සිංහල කියන තරුණයාගෙන් “බෙර වාදනය” පිළිබඳව ද ඉගෙන ගන්නට අවස්ථාව ලැබිලා තියනවා.

ඉතින් ලක්ෂ්මන් මෙන්ඩිස් කියන්නේ, කලාවට රංගනයට ඉතාමත්ම තෘප්තියක් දක්වන ආදරණීය කලාකරුවෙක්නේ. ඉතින් මේ දවස්වල ඔහු වැඩිපුරම කාලය යොදවන්නේ ද,

“අපේ පාරම්පරික කලාවන් රැක ගනිමින් නවකයිනට අත දෙමින් සෞන්දර්යයට ලැදියාවක් දක්වන අනාගත පරම්පරාවක් බිහි කරන්නට නොමඳ උත්සාහයක යෙදීමය”

ඉදිරියේදීත් කලාව වෙනුවෙන් බොහෝ දේවල් කරන්නට බලාපොරොත්තුවෙන් සිටින ලක්ෂ්මන් මෙන්ඩිස් විසින් පහුගිය දවස්වල, අපේ රටේ රූගත කෙරුණු විදේශීය ටෙලි කථාමාලාවකට, අපේ තරුණ කාර්මික ශිල්පීන් 150 දෙනෙකුටම ලොකූ අවස්ථාවක් දීලා තියනවා, ඒ නිර්මාණයට සම්බන්ධ වෙන්නට පවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button