උණුසුම් පුවත්ගොසිප් පුවත්තරු ගොසිප්දේශිය පුවත්

යාලුවෝ එක්ක ඇවිදින්න යනකොට ටිකක් සර වෙනවා නැත්තම් එයාව පාලනය කරන්න ටිකක් අමාරුයි

අපි හැමෝම ආදරය කරන ඉතාමත් කෙටි කාලයක් ඇතුළත ප්‍රේක්ෂකයින්ගේ සිත් දිනාගන්නට සමත් වුණු, ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ජනප්‍රිය ප්‍රවීන ආදරණීය කලාකරුවෙක් තමයි, ගායන ශිල්පී චාමර රණවක කියලා කියන්නේ.

ඉතින් මේ වෙද්දී සුවහසක් රසික ආදරයක් දිනාගන්නට සමත් වුණු චාමර රණවකට, ඔහුගේම ආදරණීය ප්‍රේක්ෂකයින් පිරිසක් බිහිවී හමාරයි වගේම, ගැහැණු ළමයින්ටත් වඩා පිරිමි ළමයින්ගේ සිත් දිනාගත් ආදරණීය ගායකයෙක් තමයි චාමර රණවක කියන්නේ.

ඉතින් ගැමි පරිසරයකට නෑකම් කියන චාමර රණවකයන් තමාගේ සෑම නිර්මාණයකටම පවා “ගැමිත්වය” යොදාගන්නේ හරි අපූරු ලෙසින් ය.

ඔන්න චාමර රණවකයන්ගේ “වෙරළු ගෙඩි පැහෙන කාලේ, පඳුරු පඳුරු ගස් මොනරාගල මල්, පොඩි වළං කඩේ හට්ටි මුට්ටි” වාගේ හරිම ලස්සන ගීතයන් කාලයක් තිස්සේ අපේ කොල්ලො අතරේ ජනප්‍රියවෙලා තිබ්බා විතරක් නෙවෙයි, අදටත් එය එසේමයි වගේම ඒ ගීතයන් වල අයිතිය හොබවන්නේ ද චාමර රණවකයකයන්ම ය.

ඉතින් කලාවට වගේම තම ආදරණීය පවුල් ජීවිතයටද චාමර රණවකයන් ආදරය කරන්නේ තම ජීවිතය වගේ. කලාවත් තම පවුල් ජීවිතයත් සමබරව ගෙනියන චාමර රණවකයන් මේ වෙද්දී හරිම ලස්සනට ජීවිතේ ගත කරනවා.

ඉතින් පවුල් ජීවිතයක් සාර්ථකවන්නට නම් එතන හොඳ තේරුම් ගැනීමක් බැඳීමත් තියෙන්න ඕනනේ. ඉතින් චාමර රණවක ආදරණීය ගායන ශිල්පියාගේ ආදරණීය බිරිඳ තමයි, “ඉවෝෂා ගුණවර්ධන” කියලා කියන්නේ.

ඉතින් චාමර රණවකයන් විසින් ලියන ගීත නිර්මාණයන් ඉස්සර වෙලාම ඔහු විසින් ගායනා කරලා පෙන්නන්නේ, ඔහුගේ ආදරණීය බිරිද ඉවෝෂී ඇතුළු පවුලේ ආදරණීයයන්ට යි. ඉතින් ඉවෝෂිටයි ආදණීය මෑණියන්ටයි මොන වැඩේ තිබ්බත් ඔහුගේ ගීතයන් අහලා ඉන්න ඕනේ ලු.

ඔන්න ඉතින් ඒ වගේම චාමර රණවකයන් යාළුවෝ එක්ක එහෙම ඇවිදින්න එහෙම යනකොට ඔහුගේ ආදරණීය බිරිද චුට්ටක් සැර දානවාලු.

එත් ඔහු දන්නවාලු ඒ සැර දාන්නේ ඉවෝෂී ඔහුට තියෙන ආදරේට කියලා. ඔන්න ඉතින් ඒ වගේම පවුලේ එකම පුතා වන චාමර රණවක හා ඉවෝෂිට දරුවන් නැතිව කාලයක් හිටියා වුණත්, කවමදාවකවත් චාමර රණවකයන් ආදරණීය බිරිඳ ඉවෝෂිව රිද්දලා නෑ ,

ඇගේ හිතට ධෛර්යය ශක්තිය දෙමින් සතුටින් කාලය ගත කරපු චාමර රණවකයන් හා ආදරණීය බිරිඳ ඉවෝෂිට, අවුරුදු 10ට පස්සේ වුණත් සුරතල් සිඟිත්තෙකු මුහුණ බලන්නට තරම් දෙදෙනාම වාසනාවන්ත වනවා

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button