උණුසුම් පුවත්ගොසිප් පුවත්තරු ගොසිප්දේශිය පුවත්සයුරෙන් එහා පුවත්

ඇමරිකාවේ සුපිරි ජිවිතයක් ගෙවන ලංකාවේ රැප් ගායක අමිත් බොතේජු

අපි හැමෝම හරිම ආසයිනේ ජීවිතේ සුන්දරව විදින්න. ඉතින් තම තරුණ වයසේදීම ඇමරිකානු රැප් ගායකයෙකු ගීත රචකයෙකු වගේම කඩවසම් ව්යවසායකයෙකු විදියටත්,

මුළු ලෝකයම හොල්ලමින් තම සිහිනයන් යථාර්ථයක් කර ගනිමින් ජීවිතේ සුන්දරව සැපවත්ව ගත කරන, ශ්රී ලාංකික කඩවසම් තරුණයෙක් තමයි, “අමිත් චන්දික බොතේජු” කියලා කියන්නේ.

අපේ රටේ උපත ලැබූ අමිත් මේ වෙද්දී 34 වියේ පසු වනවා. ඔන්න ඉතින් 90 දශකයේ දී අපේ රටේ සිවිල් යුද්ධය දරුණුවටම තිබුණ නිසා, අමිත්ගේ ආත්තම්මාගේ මැදිහත්වීමෙන් අමිත් ඇතුළු ඔහුගේ ආදරණීය පවුලම, අමරිකාවේ පදිංචියට රැගෙන යනවා.

ඉතින් අමිත් අමරිකාවේ කල්චර් එකට හුරුවෙමින් ඉංග්රීසි භාෂාවත් හොඳින් ප්රගුණ කරනවා. ඔන්න ඉතින් මේ අවස්ථාවේ දී අමිත්ට හරි හරි දේවල් තමයි සිද්ධ වෙලා තියෙන්නේ.

ඒ “අමිත් ඉගෙන ගත්තු පාසලේ දී, විවිධ අකරතැබ්බයන්ට මුහුණ දෙන්නට සිදුවීම” වනවා. ඉතින් කොහොමහරි පාසලේ ඇති වුණු කරදර මැද්දේ, අමිත් හොඳින් අධ්යාපන කටයුතු කගෙන යනවා.

පස්සේ අමිත්ගේ මධ්යම පාසල මඟින්, අමිත් “හිප් පොප්” සංගීතය වැළඳ ගන්නවා. ඉතින් ඒ වෙද්දී අමිත්ව, අප්රිකානු අමරිකා සංස්කෘතිය විසින් ඔවුන්ගේම කෙනෙක් විදියට පිළිඅරගෙන තියනවා.

ඉතින් ඒ සංස්කෘතිය අමිත්ගේ හිතට තදින් කා වැදෙන්නට පටන් ගන්නවා. හරියට අමිත්ගේ ආදරණීය පවුල වගේ. ඉතින් මේ මධ්යම පාසලේ දී ඉන්ටර්වල් එකේ දී, අමිත්ගේ යාළුවෝ “රැප් සිංදු” එහෙම ගායනා කරද්දී, අමිත් ඒ දේවල් ඉතාතමත්ම හොඳින් අධ්යනය කරලා ඉගෙන ගෙන තියනවා.

ඉතින් අමිත්ගේ රැප් සංගිතයේ මූලාරම්භය තමයි ඒ. ඔන්න ඉතින් අමිත්ගේ පාසල් ජීවිතයට පස්සේ, අමිත් ඔහුගේම සංගීත වැඩකටයුතු කරන්නට යොමු වෙනවා.

ඉතින් “ස්විස්, බීට්ස්, නියෝ, මාර්ක්ස් පිට්ස්” වගේ විවිධ ව්යාපාර සබඳතාවයන් ඔහුගේ අපූරු සංගීත හැකියාව ඔස්සේ ගොඩනඟා ගන්නට අමිත් සමත් වනවා.

ඒ වගේම තවත් කලාකරුවන් සහ ව්යාපාර විධායකයන් සමඟ අමිත් සම්බන්ධතාවයන් පටන් ගන්නවා. ඉතින් අමිත් කාලයත් සමඟ ආනයන අපනයන ව්යාපාර ක්ෂේත්රයන් මෙන්ම තවත් විවිධ ක්ෂේත්රයන් ඔස්සේ නියැලිලා, රාජ්ය නායකයන් පවා හඳුනාගන්නවා.

ඉතින් මේ විදියට වසර ගණනාවක් තිස්සේම සාර්ථකව සබඳතාවයන් ගොඩනගා ගන්නා අමිත්, “ලොස්ඇන්ජලීස්” වලින් ද ඔහුට ඔහුගේ ගමන යන්නට අවස්ථාවක් හොයනවා.

ඔන්න ඔය අතරේ අමිත්ට හරි අහඹු විදියට “අකෝන්” කියන ලෝකප්රසිද්ධ ගායකයාව හමුවනවා. ඉතින් 2020 වසරේ දී ඔහුගේ සංගීත ඇල්බමයකට සම්බන්ධ වන්නට අමිත්ට අවස්ථාවක් ලැබෙනවා.

ඉතින් මේ වෙද්දී අමිත් අමරිකාවේ සිට ජාත්යන්තර තලයේ සම්බන්ධතාවයන් ගොඩනඟා ගනිමන් සුපිරි ජීවිතයක් ගත කරනවා වගේම,ඔය අතරේ, ශ්රී ලාංකිකයින්ගේ ජීවිත නඟා සිටුවීමේ වැඩ කටයුතුත් අමිත් හරි අපූරුවට කරගන යනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button